Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පොලිස් පිලට ලකුණු 16 ක ජයක්

පොලිස් පිලට ලකුණු 16 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2020 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘බී’ ශ්‍රේණිය යටතේ සහ කුරුණෑගල යොවුන් පිලට එරෙහිව පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ලකුණු 16 කින් ජයගැනීමට පොලිස් පිල අද (21 වැනිදා) සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 290 ක ඉලක්කයක් හඹාගිය කුරුණෑගල යොවුන් පිලට සිය දෙවැනි ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 273 ක් පමණි. කුරුණෑගල යොවුන් පළමු ඉනිම ලකුණු 161 කට සීමා විය. ළහිරු දියන්ත කඩුලු 4 ක් ද සුපුන් මධුශංක, අසෙල් සිගේරා සහ නිසාර් අහ්මඞ් කඩුලු 2 බැගින් දවාගනිමින් පොලිස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

පොලිස් පිල පළමු ඉනිමේදී ලකුණු 204 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 246 ක් රැස්කිරීමට සමත්විය. දුලාෂ් මිහිරාන් (77), මංජුල ජයවර්ධන (69) සහ දුලාෂ් මිහිරාන් (55) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

පොලිස් පිලේ දෙවැනි ඉනිමේදී කඩුලු 6 ක් දවාගත් කුරුණෑගල යොවුන් පිලේ නවීන් කවිකාර තරගය පුරා කඩුලු 8 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

තරග 4 ක් අද ආරම්භවූ අතර එහිදී ජිනිව් ජෝෂී (සෙබස්තිනයිට්ස්), විශ්ව චතුරංග (පානදුර), ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර වරාය අධිකාරී පිලේ චානක කොමසාරූ කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

පොලිස් පළමු ඉනිම -  සියලුදෙනා දැවී 204
(දුලාෂ් මිහිරාන් 77, මංජුල ජයවර්ධන 69, රංධීර රසාංජන 26/3, ළහිරු ජයරත්න 31/2, විනෝද් පෙරේරා 37/2, නවින් කවිකාර 48/2)

කුරුණෑගල යොවුන් පළමු ඉනිම -  සියලුදෙනා දැවී 161
(මාලිංග මලිගස්පේ 36, සයින් අබ්බාස් 26, රවින්ද්‍ර කරුණාරත්න 58, නිසාර් අහ්මඞ් 42/4, සුපුන් මධුශංක 11/3, අසෙල් සිගේරා 19/2)

පොලිස් දෙවැනි ඉනිම -  සියලුදෙනා දැවී 246
(ලක්ෂාන් රොඩිරිගූ 41, මදුරංග සොයිසා 33, දුලාෂ් මිහිරාන් 55, අසෙල් සිගේරා 22, සුපුන් මධුශංක 39, නවීන් කවිකාර 73/6, සංදීප් කුන්ච්කෝර් 13/2)

කුරුණෑගල යොවුන් දෙවැනි ඉනිම -  සියලුදෙනා දැවී 273
(මාලිංග මලිගස්පේ 62, සංදීප් කුන්ච්කෝර් 29, කේෂාන් වන්නිආරච්චි 31, විනෝද් පෙරේරා නොදැවී 80, ළහිරු දියන්ත 58/4, සුපුන් මධුශංක 33/2, අසෙල් සිගේරා 42/2, නිසාර් අහ්මඞ් 62/2)

----------------------------------------------------------------------------------------------

ජෝෂීගෙන් ශතකයක්

කළුතර නාගරික සහ සෙබස්තිනයිට්ස් කණ්ඩායම් අතර ඒරන් ක්‍රීඩාංගණයේදී

සෙබස්තිනයිට්ස් පළමු ඉනිම -  සියලුදෙනා දැවී 316
(ජිනිව් ජෝෂී 107, සචින් ප්‍රනාන්දු 29, නවෝද්‍යා ඉමේෂ් 27, නයින්ඬේ ඛාන් 29, දසුන් සෙනෙවිරත්න 36, තිලංක ද සිල්වා 37, හසිත නිර්මාල් 76/3, හෂින් ඩිල්මන් 46/2, සුවංජි මදනායක 50/2)

කළුතර නාගරික පළමු ඉනිම -  කඩුලු 2 ක් දැවී 78
(නවීඞ් සර්වාර් නොදැවී 32, ගේෂාන් විමලධර්ම 31)

----------------------------------------------------------------------------------------------

විශ්වගෙන් ශතකයක්

පානදුර සහ නාවික හමුදා කණ්ඩායම් අතර පානදුර නාගරික ක්‍රීඩාංගණයේදී

පානදුර පළමු ඉනිම -  කඩුලු 5 ක් දැවී 394
(විශ්ව චතුරංග 177, හර්ෂ කුරේ 60, උමේෂ් කරුණාරත්න 48, කෂීෆ් නවීඞ් නොදැවී 72, තරූෂ ප්‍රනාන්දු 80/2)

----------------------------------------------------------------------------------------------

නුගේගොඩ 178, ගුවන් හමුදාව 72/5

නුගේගොඩ සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී

නුගේගොඩ පළමු ඉනිම -  සියලුදෙනා දැවී 178
(පසිඳු මධුෂාන් 49, මතීෂ පෙරේරා නොදැවී 67, සුමින්ද ලක්ෂාන් 33/4, ලසඳ රුක්මාල් 18/2, අරවින්ද ප්‍රේමරත්න 37/2)

ගුවන් හමුදා පළමු ඉනිම -  කඩුලු 5 ක් දැවී 72
(ලක්වින් වීරසූරිය 34, පසිඳු මධුෂාන් 05/3)

----------------------------------------------------------------------------------------------

කොමසාරූගෙන් කඩුලු 6 ක්

ගාල්ල සහ වරාය අධිකාරිය කණ්ඩායම් අතර දඹුල්ල ක්‍රීඩාංගණයේදී

ගාල්ල පළමු ඉනිම -  සියලුදෙනා දැවී 123
(කවිඳු එදිරිවීර 30, ජාකොබ් සචින් 20, චතුර ලක්ෂාන් 26, චානක කොමසාරූ 54/6, චාමින්ද බණ්ඩාර 24/2, රජිව් වීරසිංහ 30/2)

වරාය අධිකාරිය පළමු ඉනිම -  කිසිවෙකු නොදැවී 05


අදහස් (0)

පොලිස් පිලට ලකුණු 16 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.