Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පුහුණු තරගාලියේ ආරම්භය සුපිරි තරු අතර සටනක් වෙයි

පුහුණු තරගාලියේ ආරම්භය සුපිරි තරු අතර සටනක් වෙයි

නාමල් පතිරගේ - 2021 පෙබ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියේ පුහුණු තරග වටයේ ආරම්භක තරගය ‘තරු’ සටනක් බවට පත්වී තිබේ. අනිද්දා (17) පස්වරු 5.00 ට කොළඹ සුගතදාස පිටියේදී බේරුවල රෙඩ් ස්ටාර් කණ්ඩායම හා කළුතර බ්ලූ ස්ටාර්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතය.

අවසන් වරට පැවැති (2018) ඩයලොග් ශූරයන්ගේ තරගාවලියේදී  කළුතර බ්ලූ ස්ටාර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය ගත්තේ තරග 16 කින් 10 ක් ජය ගනිමිනි.
අනිද්දා තරගයේ ඔවුන්ගේ ප්‍රතිවාදින් බවට පත්ව සිටින බේරුවල රෙඩ් ස්ටාර්ස් කණ්ඩායම එම ප්‍රසාද ලකුණු සටහනට අනුව 10 වැනි තැන ලැබූ ක්‍රීඩා සමාජයයි. ඒ තරග හයක් පමණක් ජය ගනිමිනි.

‘සුපර් ලීග්’ පුහුණු තරගාවලිය පසුගිය වසරේ අගෝස්තු 31 වැනිදා නිමාවට පත්වූ වැන්ටේජ් සභාපති කුසලාන පාපන්දු තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පළමු පාපන්දු තරගාවලියයි.  සුපර්ලීග් පුහුණු තරග වටය තරග 20කින් සමන්විතය. ලබන මාර්තු 24 වැනිදා දක්වා එහි සියලු තරග කොළඹ සුගතදාස පිටියේදී නරඹන්නන්ගෙන් තොරව පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන කටයුතු යොදා තිබේ.

මෙම තරගාවලියේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් ජස්වර් උමාර් මහතාය.

ශූරයන්ගේ තරගාවලියේ ක්‍රීඩා කළ ප්‍රමුඛතම ක්‍රීඩා සමාජ 10ක් හඳුන්වා දුන් කොන්දේසි හා රෙගුලාසි මාලාවකට යටත්ව මෙම තරගාවලියට නිර්දේශ කෙරුණි. ඒ සඳහා මාර්ගෝපදේශය ලෝක පාපන්දු සමුළුවෙන් ලැබුණි.

පුහුණු තරග වටය සඳහා සහභාගිවන සියළු කණ්ඩායම් හා එහි නිලධාරින් වරින් වර පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කෙරේ. එහිදී කිසියම් කණ්ඩායමක ක්‍රීඩකයන් තිදෙනකු හෝ ඊට වැඩි පිරිසක් රෝගීන් බවට තහවුරු වුවහොත් එම කණ්ඩායමට තරගයෙන් ඉවත්වීමට සිදුවේ.
කෙසේ වුවත් මෙම නියමය දැඩිව ක්‍රියාත්මක කෙරෙන්නේ තරගාවලිය නිල වශයෙන් ආරම්භවීමෙන් පසුව බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පවසයි.

ප්‍රසාද ලකුණු සටහනක ක්‍රියාත්මක කරමින් තරගාවලිය නිල වශයෙන් ආරම්භ වන්නේ ලබන අප්‍රේල් 18 වැනිදාය.

පුහුණු තරග වටය සඳහා සහභාගිවන සියළු කණ්ඩායම් වෙත රුපියල් මිලියනයක් බැගින් හා ඊට සහභාගිවීමේ සියළු පහසුකම් පාපන්දු සම්මේලනය විසින් සළසා දී තිබේ. ඒ සඳහා යොදා ගත්තේ තරගාවලිය සඳහාම ලෝක පාපන්දු සමුළුව ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ පහක මුදලයි. එය වසර දෙකක් සඳහා වන අතර ශ්‍රී ලංකාවට ප්‍රදානය වන්නේ කොටස් වශයෙනි.

තරගාවලියේ සම්බන්ධීකාරක ජස්වර් උමාර් මහතා පැවැසුවේ ලෝක පාපන්දු සමුළුවේ මුදල එක තරගාවලියක් (එක වසරක් සඳහා) සඳහා පමණක් යොදා ගත හැකි බවයි.
එහෙත් එසේ කළ හැක්කේ ඊළඟ වසරේ තරගාවලියට අනුග්‍රාහකයන් සොයා ගැනීමේ වගකීම දේශීය තරග සංවිධායකයන් භාර ගැනීමෙන් පමණක් බවත් ඔහු අවධාරණය කර සිටියේය.

ජනපති කුසලාන (2020) ජයගත් කොළඹ ක්‍රීඩා සමාජය, ශූරයන්ගේ තරගාවලිය (2018) ජයගත් ඩිෆෙන්ඩර්ස්-යුද හමුදා ක්‍රීඩා සමාජය ඇතුළුව 2018 ශූරයන්ගේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මුල්පෙලේ ස්ථානවලට පත්වූ කණ්ඩායම් බහුතරයක් පළමු සුපර්ලීග් ශ්‍රී ලංකා තරගාවලියට නිර්දේශ වී සිටියි.

කෙසේ වුවත් තරගාවලිය සඳහා කණ්ඩායමකට උපරිම විදේශීය ක්‍රීඩකයන් තිදෙනකු බැගින් ඇතුළත් කර ගැනීමේ අවස්ථාව සැලසී තිබේ. එහිදී ක්‍රීඩා සමාජ බහුතරයක් තරගාවලිය නිල වශයෙන් ආරම්භ වීමෙන් පසුව පමණක් විදේශීය ක්‍රීඩකයන් සහභාගි කර ගැනීමට උනන්දුවී සිටින බව වාර්තාවේ.

ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු පුහුණු තරග වටය පැවැත්වෙන ආකාරය-
(සියළු තරග සුගතදාස පිටියේදී පැවැත්වෙන අතර දිනයේ පළමු තරගය පස්වරු 5ට ද දෙවැනි තරගය රාත්‍රි 8ට ද ආරම්භවේ)

පෙබරවාරි 17:-
1රෙඩ් ස්ටාර්-බ්ලූ ස්ටාර්ස් අතර
2නිව් යංග්ස්-සී-ෆොක්ස් අතර

පෙබරවාරි 18:-
1 ඩිෆෙන්ඩ්ස්-රිනවුන් අතර
2 බ්ලූ ඊගල්ස්-කොළඹ අතර

පෙබරවාරි 27:-
1 රෙඩ් ස්ටාර්-ඩිෆෙන්ඩ්ස් අතර
2 කොළඹ-අප්කන්ට්‍රි ලයන්ස් අතර

පෙබරවාරි 28:-
1 බ්ලූ ස්ටාර්ස්-රත්නම් අතර
2 බ්ලූ ඊගල්ස්-නිව් යංග්ස් අතර

මාර්තු 6:-
1 රිනවුන්-රෙඩ්ස්ටාර් අතර
2 අප්කන්ට්‍රි ලයන්ස්-බ්ලූ ඊගල්ස් අතර

මාර්තු 7:-
1 සීෆෝක්ස්-කොළඹ අතර
2 රත්නම්-ඩිෆේන්ඩර්ස් අතර

මාර්තු 16:-
1 සීෆෝක්ස්-බ්ලූ ඊගල්ස් අතර
2 රත්නම්-රෙඩ්ස්ටාර් අතර

මාර්තු 17:-
1 නිව් යංග්ස්-අප්කන්ට්‍රි ලයන්ස් අතර
2 බ්ලූ ස්ටාර්ස්-රිනවුන් අතර

මාර්තු 23:-
1 කොළඹ-නිව්යංග්ස් අතර
2 ඩිෆෙන්ඩර්ස්-බ්ලූස්ටාර් අතර

මාර්තු 24:-
1 අප්කන්ට්‍රි ලයන්ස්-සීෆෝක්ස් අතර
2 රිනවුන්-රත්නම් අතර

 


අදහස් (0)

පුහුණු තරගාලියේ ආරම්භය සුපිරි තරු අතර සටනක් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.