Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාසල් 10 කට කෘතිම ධාවන පථ

පාසල් 10 කට කෘතිම ධාවන පථ

යොහාන් භාසුර - 2021 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ක්‍රීඩා අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව ක්‍රියාත්මක කරන ක්‍රීඩා පාසල් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රීඩා පාසල් 10 කට කෘත්‍රීම ධාවන පථ ලබාදීමට තීරණය කර තිබේ. මෙම පුහුණු කෘත්‍රීම ධාවන පථයක් මීටර 130 කින් යුත් සමන්විත වේ.

එහි පළමු පියවර යටතේ ක්‍රීඩා පාසල් පහක කෘත්‍රීම ධාවන පථ ඉදිකිරීම ආරම්භ කිරීමට සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා පිටියේ ඉදිරියෙන්ම සිටින වලල ඒ. රත්නායක, අම්පාර ඩී. එස්. සේනානායක, දික්වැල්ල විජිත, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය සහ අකුරම්බොඩ වීරකැප්පැටිපොළ යන විදුහල් ක්‍රීඩාංගණවල කෘත්‍රීම ධාවන පථ ඉදිකිරීමට නියමිතය.

ක්‍රීඩා පාසල්වල යටිතල පහසුකම් වැඩි කිරීමේ වැඩසටහන යටතේ මේ වන විට විශාල වැඩ ප්‍රමාණයක් කෙරෙමින් පවතින බවත් මෙම කෘත්‍රීම ධාවන පථ ව්‍යාපෘතිය එහි කොටසක් බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

“මෙම පාසල් තෝරාගැනීමේදී එම පාසල් මලල ක්‍රීඩාවට දැක්වූ දස්කම්වලට වැඩි අවස්ථාවක් දුන්නා. ක්‍රීඩා පාසල්වලින් ඇතැම් පාසල් වොලිබෝල් ක්‍රීඩාවට තවත් පාසලක් වෙනත් ක්‍රීඩා කීපයකින් දස්කම් ප්‍රදර්ශනය කරලා තියෙනවා”

“අදාල ක්‍රීඩා පාසල දස්කම් ප්‍රදර්ශනය කරලා තියෙන ක්‍රීඩා පිළිබඳව අපි ඉදිරියේදී වැඩි අවධානය යොමු කරනවා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

 


අදහස් (0)

පාසල් 10 කට කෘතිම ධාවන පථ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.