Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාසල් පුහුණුකරුවන් 225 දෙනකුට 20,000 බැගින්

පාසල් පුහුණුකරුවන් 225 දෙනකුට 20,000 බැගින්

යොහාන් භාසුර - 2020 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘කොරෝනා’ වයිරස් අවදානම හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින පාසල් ක්‍රිකට් පුහුණුකරුවන් 225 කට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් 20,000 බැගින් ආධාර මුදලක් පිරිනැමීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම ආධාර මුදල් පදානය සඳහා රුපියල් ලක්‍ෂ 45 ක් පමණ වැය කිරීමට සූදානම්ව සිටියි.  

රට තුළ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ඇතැම් පාසල් ක්‍රිකට් පුහුණුකරුවන් මූල්‍යමය දුෂ්කරතාවට පත්ව ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබුණු පැමිණිලි පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තීරණයට එළඹ තිබේ.

ක්‍රීඩා අමාත්‍ය ඩලස් අහප්පෙරුම මහතාගේ ද උපදෙස් අනුව ශ්‍රී ලංකා පිසල් ක්‍රිකට් සංගමයේ සම්බන්ධීකරණයෙන් පාසල් පුහුණුකරුවන්ට මෙම මුදල් පරිත්‍යාග කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසුවේ ඇතැම් පුහුණුකරුවන්ට පාසල්වලින් වැටුපෙන් අඩක් දී ඇති නමුත් ඇතැමුන්ට සම්පූර්ණ වැටුපම ලැබී නොමැති බවයි.

“ඇතැම් පිට පළාත් පාසල්වල පුහුණුකරුවන් ඉතාමත් අඩු මුදලකට තමයි පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ. ඒ නිසා මේ අවස්ථාවේ පාසල් පුහුණුකරුවන්ට සහයෝගයක් දැක්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකීමක් බවට පත්ව තිබෙනවා” යැයි සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සාමාජික පාසල් සංඛ්‍යාව 600 කට ආසන්න වේ. ඒ අතරින් තෙවැනි කොටසේ ක්‍රීඩා කරන පිට පළාත් පාසල්වල පුහුණුකරුවන් රැසක් දුෂ්කරතාවට පත්ව සිටින බව වාර්තා වේ.


අදහස් (0)

පාසල් පුහුණුකරුවන් 225 දෙනකුට 20,000 බැගින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.