Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාකිස්තානු එක්දින පිලේ නායක්තවය බාබර් අසාම්ට

පාකිස්තානු එක්දින පිලේ නායක්තවය බාබර් අසාම්ට

editorial - 2020 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


පාකිස්තානාන එක්දින කණ්ඩායමේ නායකයා ලෙසද බාබර් අසාම් නම් කර තිබේ. ඒ අනුව සුදු පන්දුව උපයෝගී කරගන්නා සීමිත ඕවර තරග ආකෘති දෙකෙහිම නායකයා ලෙස ඔහුගේ භූමිකාව නිල වශයෙන් සනාථ කර තිබේ. තවමත් 25 හැවිරිදි බාබර් අසාම් පසුගිය වසරේ අගභාගයේදී විස්සයි-20 නායකයා ලෙස නම් කර තිබුණි.
 
2020/21 තරග වාරය සඳහා එක්දින හා විස්සයි 20 කණ්ඩායම්වල නායකත්වය බාබර් අසාම්ට භාර දෙන බවත්, අසාර් අලි දිගටම ටෙස්ට් නායකයා ලෙස කටයුතු කරන බවත්, පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කළේය.

බාබර් අසාම්ගේ පත්වීමත් සමඟින් හිටපු එක්දින නායක සර්ෆරාස් අහමඞ් නිල වශයෙන් එම තනතුරෙන් ඉවත් කර තිබේ. පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ටෙස්ට් හා විස්සයි-20 කණ්ඩායම්වල නායකයාගේ භූමිකාවෙන් ඔහු ඉවත් කර තිබුණි.

“නායකත්වයේ කාලය දීර්ඝ කිරීම ගැන අසාර් අලි සහ බාබර් අසාම්ට සුබ පතන්නට අවශ්‍යයි,” යැයි ප්‍රධාන පුහුණුකරු සහ ජාතික තේරීම් කමිටු ප්‍රධානී මිස්බා උල් හක් මහතා පැවසීය.

“මෙය නියත වශයෙන්ම නිවැරදි තීරණයක්. එබැවින් ඔවුන්ගේ අනාගත භූමිකාවන් පිළිබඳව නිශ්චිතභාවයක් සහ පැහැදිලි බවක් අවශ්‍යයි. මට විශ්වාසයි ඔවුන් දැන් අනාගතය දෙස බලා සැලසුම් කිරීම ආරම්භ කරනු ඇති කියා...ඒ වගේම එමඟින් අපේක්ෂිත මට්ටමින් ක්‍රියා කළ හැකි පැති ගොඩනඟා ගන්නත් ඔවුන්ට පුළුවන්. ” යයිද පුහුණුකරු මිස්බා උල් හක් පැවසීය.

නියමිත සැලසුම් අනුව ඉදිරි තරග පැවැත්වුවහොත් පාකිස්තානය හමුවේ ඇත්තේ කාර්ය බහුල සමයකි.

එළfඔන ජූලී මාසයේදී අයර්ලන්තයට එරෙහිව විස්සයි-20 තරග 2 ක්, ජූලි-සැප්තැම්බර් මාස වලදී එංගලන්තයේදී ටෙස්ට් තරග 3 ක් සහ විස්සයි 20 තරග 3 ක්, ඔක්තෝබර් මාසයේ දකුණු අප්‍රිකාවේදී එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 ක්, දෙසැම්බර් මාසයේ නවසීලන්තයේදී ටෙස්ට් තරග 2 ක් සහ විස්සයි-20 තරග 3 ක් සඳහා සංචාරය කිරීමට පාකිස්තාන කණ්ඩායමට සිදුවේ. නොවැම්බර් මාසයේදී එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 ක් සඳහා සිම්බාබ්වේ කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කිරීමද මෙම වසරේ ඔවුන්ගේ තරග කාල සටහනට අයත්වේ.

ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලිය සහ ඕස්ටේ්‍රලියාවේ පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලි පැවැත්වෙන්වෙන් ඉහතින් සඳහන් කළ තරගාවලින්ට අමතරවය.

මේ අතර පාකිස්තානු ක්‍රීඩකයන් සඳහා නිකුත් කර ලද ප්‍රධාන ගිවිසුම් ලැයිස්තුවෙන් හසන් අලි, වහබ් රියාස් සහ මොහොමඞ් අමීර් ඉවත් කර තිබේ. සර්ෆරාස් අහමඞ් ‘ඒ’ කාණ්ඩයේ සිට සිට ‘බී’ කාණ්ඩය දක්වා පහත දමා ඇති අතර ෂහීන් අෆ්රිඩි සහ අසාර් අලි දෙදෙනාම ‘ඒ’ කාණ්ඩය දක්වා උසස් කර ඇත.
 
- 2079

 


අදහස් (0)

පාකිස්තානු එක්දින පිලේ නායක්තවය බාබර් අසාම්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.