Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාකිස්තානයට - කොදෙව් පිලට නවසීලන්තයෙන් අවසර

පාකිස්තානයට - කොදෙව් පිලට නවසීලන්තයෙන් අවසර

editorial - 2020 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉදිරි මාසවලදී පාකිස්තානු සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම්වලට නවසීලන්තයේ සංචාරය කිරීමට ඉඩ සලසමින් නිරෝධායන කටයුතු සංවිධානය කිරීමට නවසීලන්ත රජය අනුමත කර ඇති බව නවසීලන්ත ක්‍රිකට් මණ්ඩලය පවසයි. කොරෝනා වයිරස් වසංගතයෙන් පසුව නවසීලන්තයේ ක්‍රීඩාව නැවත ආරම්භ කිරීමට මෙම කණ්ඩායම්වල සංචාර උපකාරී වනු ඇති බව නවසීලන්ත ක්‍රිකට් ප්‍රධාන විධායක ඬේවිඞ් වයිට් මහතා පැවසීය.

“එය අපට විශාල තල්ලුවක්. එය අපේ මූල්‍ය ජීවනාලියයි”
“අන්තර්ජාතික තරග වලින් එන මුදල් වලින් තමා නවසීලන්තයේ සමස්ත ක්‍රිකට් ක්‍රීඩාවම රඳා තියෙන්නේ. එබැවින් එය අපට ඉතා වැදගත් වෙනවා” යයිද ඔහු වාර්තාකරුවන්ට පැවසීය.

පාකිස්තානු සහ කොදෙව් කණ්ඩායම් පළමුවෙන් නවසීලන්තයේ අගනුවර වන ඕක්ලන්ඩ් නුවර වෙත පියාසර කරනු ඇත. පසුව විශේෂ ගුවන් යානයකින් ක්‍රයිස්ට්චර්ච් වෙත යන ඔවුන් එහි නිරෝධායනයේ රැඳී සිටින බවත්, ලින්කන් විශ්ව විද්‍යාලයේ ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ පුහුණුව ලබන බවත් වයිට් මහතා පැවසීය.

සියලුම ක්‍රීඩකයින් රජය විසින් නියම කර ඇති සෞඛ්‍ය සහ පරීක්ෂණ නියමයන් අනුගමනය කළයුතු බව වයිට් මහතා වැඩිදුරටත් පැවසීය.

“එය ලාභදායක වැඩක් නෙමේ. ඒ යන වියදම් දරන්න අපට සිද්ධ වෙනවා. නමුත් එවැන්නකට අවසර ලැබීම ගැන අපි සතුටු වෙනවා”

“රජය විසින් අපට මඟ පෙන්වනවා. ඔවුන් කියා සිටින ඕනෑම දෙයක් අපි අනුගමනය කරනවා” යයිද ඬේවිඞ් වයිට් මහතා පැවසීය.

සංචාරක කණ්ඩායම් සඳහා නිරෝධායන බුබුලු සකස් කිරීම පහසු නොවන නමුත් නවසීලන්තයේ ජාත්‍යන්තර ක්‍රීඩාව යළි ආරම්භ කිරීම සඳහා මෙම උත්සාහය ගතයුතු බව ක්‍රීඩා අමාත්‍ය ග්‍රාන්ට් රොබට්සන් මහතා පැවසීය.

“බොහෝ නවසීලන්ත ජාතිකයින් මෙන්ම මමත් ජාත්‍යන්තර ක්‍රීඩාව නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා”

“ක්‍රීඩාව කියන්නේ අපේ සංස්කෘතියේ විශාල කොටසක්. ජාතියක් ලෙස අපව එකට එක් කිරීමට එය උපකාරී වී තියෙනවා” යැයි ප්‍රකාශයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍ය ග්‍රාන්ට් රොබට්සන් මහතා පැවසීය.


- 2079

 


අදහස් (0)

පාකිස්තානයට - කොදෙව් පිලට නවසීලන්තයෙන් අවසර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.