Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ප්‍රසාදි වැඩබලන ජාතික පුහුණුකරු ධුරයට

ප්‍රසාදි වැඩබලන ජාතික පුහුණුකරු ධුරයට

නාමල් පතිරගේ - 2020 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තිලකා ජිනදාස මෙනවියගේ ඉල්ලා අස්වීමෙන් හිස්වූ ජාතික දැල්පන්දු පුහුණුකරු  ධුරයේ වැඩ බැලීම සඳහා එතෙක් සහාය පුහුණුකාරිනිය ලෙස කටයුතු කළ පී. ඩී. ප්‍රසාදි මහත්මිය පත් කර තිබේ. ඒ අනුව ඇය ජාතික දැල්පන්දු සංචිතයේ පුහුණු කටයුතු මෙහෙයවන අතර එම තනතුර පිරවීම සඳහා අයදුම්පත් කැඳවීමට දැල්පන්දු සම්මේලනය දැනටමත් තීරණය කර තිබේ.

වසර කීපයක්ම ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරයේ කටයුතු කළ තිලකා ජිනදාස මෙනවිය නොබෝදා එම ධුරයෙන් ඉල්ලා අස්වූයේ ‘කොරෝනා’ ව්‍යසන  තත්ත්වය හමුවේ ජාතික දැල්පන්දු සංචිතයේ පුහුණුවීම් අත්හිටුවීමට ගත් තීරණයක් සමගිනි. ඊට ආසන්නම හේතු වූයේ 2020 වසර සඳහා නියමිත ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලිය ‘කොරෝනා‘ වසංගතය තත්ත්වය හමුවේ අවලංගු කර දැමීමයි.

ශ්‍රී ලංකාවේ මෙම වසරේ ප්‍රධානතම ජාත්‍යන්තර දැල්පන්දු ඉලක්කය වූයේ එම තරගාවලියයි.
අවසන් වරට පැවැති ආසියානු දැල්පන්දු තරගාවලිය (2018) ජය ගැනීමද ඇතුළුව ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු කුසලාන පස්වරක්  දිනා තිබේ.

වසර 2023 දී පැවැත්වෙන ආසියානු ගෘහස්ත දැල්පන්දු ශූරතා තරගාවලිය සඳහා සහභාගි වීමට ද ශ්‍රී ලංකාව අ​පේක්ෂා කරයි.  ආසියානු ගෘහස්ත දැල්පන්දු තරගාවලිය අළුතෙන් හඳුන්වාදී තිබෙන ඉසව්වකි.

ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වූ තිලකා ජිනදාස මෙනවිය මේ වනවිට කොළඹ ගේට්ටේ ජාත්‍යන්තර පාසලේ  දැල්පන්දු ප්‍රධාන පුහුණුකාරිණිය ලෙස පත්වීම් ලබා තිබේ.

 


අදහස් (0)

ප්‍රසාදි වැඩබලන ජාතික පුහුණුකරු ධුරයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.