Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ප්‍රවීණ බොක්සිං ක්‍රීඩක පර්සි නික්මයයි

ප්‍රවීණ බොක්සිං ක්‍රීඩක පර්සි නික්මයයි

editorial - 2020 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බොක්සිං ක්‍රීඩාවේ ප්‍රවීණයකු වූ, බන්ධනාගාර සේවා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස්වරයා වශයෙන් කටයුතු කළ පර්සි ඊ.පී. ප්‍රනාන්දු මහතා ඊයේ (27) උදෑසන කොහුවල පිහිටි නිවසේදී අභාවප්‍රාප්ත විය.

වර්ෂ 1957දී 2වැනි ශ්‍රේණියේ ජේලර්වරයෙකු වශයෙන් බන්ධනාගාර සේවා දෙපාර්තමේන්තුවට එක්වූ ඒ මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් ධුරය දක්වාම සිය රාජකාරි කටයුතු සිදුකළේය.

පාසල් වියේ පටන් ක්‍රීඩාවෙන් දස්කම් පෑ පර්සි බොක්සිං, මලලක්‍රීඩා, ක්‍රිකට්, ටෙනිස් යන ක්‍රීඩා වලින් කැපීපෙනෙන දක්ෂතා දැක්වීය.
 වර්ෂ 1957දී බුරුමයේ රැන්ගුන් නුවර පැවැති නිරිතදිග ආසියානු බොක්සිං ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඔහු ලෝකඩ පදක්කමක් හිමිකර ගනිමින් එවකට බොක්සිං ක්‍රීඩාවේ සැහැල්ලු බර පන්තියෙන් ජාතික ශූරතාව දිනාගත්තේය. වසර 1990දී මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදී පැවැති ආසියානු මලලක්‍රීඩා ශූරතාවලියේදී මීටර 5000 ඇවිදීම, තුන්පිම්ම, දුරපැනීම ආදී ඉසව්වලින් ජයග්‍රහණ හිමිකර ගත්තේය. 

අභාවප්‍රාප්ත වනවිට 88 වැනි වියේ පසුවූ ඒ මහතා බම්බලපිටිය ශාන්ත පීතර සහ  මරදාන සහිරා යන විදුහල්වල ආදි ශිෂ්‍යයෙකි. දේහය පිළිබද අවසන් කටයුතු අද (28) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
 


අදහස් (0)

ප්‍රවීණ බොක්සිං ක්‍රීඩක පර්සි නික්මයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.