Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පළමු පෙළ තරගාවලිය දින නියමක් නැතිව කල්යයි

පළමු පෙළ තරගාවලිය දින නියමක් නැතිව කල්යයි

රොෂාන් ගුණරත්න - 2020 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලිය දින නියමක් නොමැතිව කල් දැමීමට තරගාවලි සංවිධායක කම්ටුව ඊයේ (10 වැනිදා) හදිසියේම තීරණය කළේය.

මෙම තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග මේ මස 14 වැනිදා සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබිණ. එහෙත් තරගාවලිය යළි ආරම්භ කිරීමේදී තරගාවලි ව්‍යුහය තුළ කෙරෙන ඇතැම් සංශෝධන පිළිබඳව අති විශේෂ මහා සභා රැස්වීමක් කැඳවා සාමාජිකයින්ගේ විශේෂ අනුමැතිය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුව තිබේ.

මෙම අති විශේෂ මහා සභා රැස්වීම කැඳවීම සඳහා සති දෙකකට පෙර සියළුම සාමාජිකයන් වෙත දැන්වීම් යැවිය යුතු වේ. ඒ අනුව තරගාවලිය මහ මැතිවරණයෙන් පසුව ආරම්භ කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙක් පැවසීය.

 


අදහස් (0)

පළමු පෙළ තරගාවලිය දින නියමක් නැතිව කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.