Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹෙයි

පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹෙයි

editorial - 2020 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වසගත හේතුවෙන් අතරමඟ නතර කෙරුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයේ තරග හෙට (10 වැනිදා) ඇරඹීමට නියමිතව ඇත.

පළමු වටයේ තරග මාර්තු මාසයේදී අවසන් වූ අතර දෙවැනි වටය ආරම්භ කිරීමට පෙර කොරෝනා වසංගතය හේතුවෙන් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවිය.

ජුලී මාසයේදී නැවත තරගාවලිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළද තරගාවලි ව්‍යූහයේ සිදුවූ වෙනස්කම් කිහිපයක් හේතුවෙන් ඒ සඳහා අති විශේෂ මහා සභා රැස්වීමක් කැඳවීමට සිදුවීම නිසා නැවතත් තරගාවලිය කල් දැමීමට සිදුවිය.

ජුලී 28 වැනිදා රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැති අති විශේෂ මහා සභා රැස්වීමේදී 2019-20 තරගාවලි කාල සීමාවට අදාලව තරගාවලි ව්‍යුහය තුළ වෙනස්කම් දෙකක් සිදුකිරීම සඳහා සාමාජිකයින්ගේ විශේෂ අනුමැතිය ලැබුණි.

අදාළ සංශෝධිතයන් අතර සිව් දින වශයෙන් පැවැත්වීමට නියමිතව තිබූ සුපිරි 8 වටයේ තරග සියල්ල තෙදින තරග වශයෙන්ද, මෙවර තරගාවලියේදී කණ්ඩායම් ඉහළ දැමීමක් හෝ පහත දැමීමක් සිදුනොකිරීමටද එම අති විශේෂ මහා සභා රැස්වීමේදී තීරණය වී තිබේ.

තරග කාලසටහන


අදහස් (0)

පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.