Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පළමු තරගයේ ජය තිස්සමහාරාමයට

පළමු තරගයේ ජය තිස්සමහාරාමයට

editorial - 2021 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


හම්බන්තොට ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයේ ජය තිස්සමහාරාම කිරින්ද තරුණ ක්‍රීඩා සමාජයට හිමිවිය. ඒ ගෝල 4-0ක්  පරිදි තංගල්ලේ ලා-ටැංගොලියන්ස් ක්‍රීඩා සමාජය පරාජය කරමිනි. තරගාවලියේ සමාරම්භක උත්සවය තංගල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

තරගාවලියේ දෙවනි තරගය හම්බන්තොට ‘වයිට් ටයිගර්ස්’ ක්‍රීඩා සමාජය හා බෙලිඅත්ත ක්‍රීඩා සමාජය අතර පැවැති අතර එය ගෝල 1-1 ක් ලෙස ජයපරාජයෙන් තොරව අවසන් විය.
අම්බලන්ගොඩ ක්‍රීඩා සමාජය මෙම තරගාවලියට සහභාගි වන අනෙක් කණ්ඩායමයි.

කණ්ඩායම් 5 ක සහභාගීත්වයෙන්  තරගාවලිය තංගල්ල මහින්ද රාජපක්ෂ, බෙලිඅත්ත් ඩී.ඒ. රාජපක්ෂ හා හම්බන්තොට නගර සභා යන ක්‍රීඩාංගණ තුනකදී ලබන පෙබරවාරි 28 වැනිදා දක්වා පැවැත්වේ. පළමු වරට සංවිධානය කෙරෙන මෙම තරාගවලිය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ අධීක්ෂණයෙන් හම්බන්තොට  ක්‍රීඩා සංවර්ධන පදනම සංවිධානය කරයි.

අවසන් මහ තරගය පෙබරවාරි 28 වැනිදා රාත්‍රි 6 විදුලි අලෝක ධාරා මධ්‍යයේ තංගල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

තරගාවලියේ සියළු තරගවල දක්ෂතම ක්‍රීඩකයා, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා, අවසන් මහ තරගයේ වීරයා, තරගාවලියේ හොඳම ගෝල් රකින්නා හා තරගාවලියේ වැඩිම ගෝල ලාභියා සඳහාද විශේෂ ත්‍යාග ප්‍රදානය කිරීමට නියමිතය. තරගාවලියේ දක්ෂතා දක්වන ක්‍රීඩකයන් 25  දෙනෙකු නිර්දේශ කර ගනිමින් හම්බන්තොට දිස්ත්‍රික් පාපන්දු පුහුණු සංචිතයක් ස්ථාපිත  කිරීමට කටයුතු කරන බව තරග සංවිධායකයෝ පවසති.

 තරගාවලියේ මීළඟ තරග වටය මෙම 23 වැනිදා බෙලිඅත්ත ඩී.ඒ. රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එදින පෙරවරු 2.30ට හම්බන්තොට ‘වයිට් ටයිගර්ස්’ පිල හා බෙලිඅත්ත තරුණ ක්‍රීඩා සමාජ පිල අතරද පස්වරු 4.30ට අම්බන්ගොඩ ක්‍රීඩා සමාජ පිල හා තංගල්ල (1)  ටැංගෝලියන්ස් පිල අතරද පැවැත්වීමට නියමිතය.

 

- 223


අදහස් (0)

පළමු තරගයේ ජය තිස්සමහාරාමයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.