Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පළමු කොවිඞ් ආදේශකයා බෙන් ලිස්ටර්

පළමු කොවිඞ් ආදේශකයා බෙන් ලිස්ටර්

editorial - 2020 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්ලන්ඞ්හි මඳ වේග පන්දු යවන ක්‍රීඩක බෙන් ලිස්ටර් ක්‍රිකට් ක්‍රීඩාවට යොදාගත් පළමු කොවිඞ් -19 ආදේශක ක්‍රීඩකයා බවට පත්විය. ප්ලන්කට් පලිහ තරගාවලිය යටතේ ඔටගෝ පිලට එරෙහිව පැවැති තරගය ආරම්භ වීමට පෙර වමත් පිතිකරු මාක් චැප්මන් වෙනුවට බෙන් ලිස්ටර් ආදේශ කරන ලදි. 

නවසීලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරමින් එක්දින තරග 6 ක් සහ විස්සයි20 තරග 24 කට ක්‍රීඩා කර ඇති චැප්මන් හදිසියේ අසනීප වී ඇති බවත්, පසුව කොවිඞ් -19 පරීක්ෂණයකට භාජනය වූ බවත් වාර්තා විය. ප්ලන්කට් පලිහ තරගාවලිය යටතේ අනෙක් තරග ආරම්භවුවද මෙම තරගය දිනයක් පසුව ආරම්භ විය. 

කෙසේ වෙතත් තරගය දිනයක් පමා වීම හේතුවෙන් චැප්මන්ගේ ආදේශකයා තරගය මැදදී මාරුකරනවා වෙනුවට කාසියේ වාසියට පෙර ප්‍රකාශයට පත් කළ හැකි විය. 

මේ වන විට 24 හැවිරිදි ලිස්ටර් කඩුල්ලක් දවාගනිමින් ඔටගෝ පිල පළමු ඉනිමේදී ලකුණු 186 කට දවා ගැනීමට දායක විය. 

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ජුනී මාසයේදී අනුමත කරන ලද නිතීරීති වෙනස්වීම් මඟින් ක්‍රීඩකයින්ට අසනීප බවක් දැනේ නම් හෝ කොඩිඞ්-19 රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ඔවුන් වෙනුවට වෙනත් ක්‍රීඩකයකු ආදේශ කිරීමට ඉඩ සලසයි.

- 2079


අදහස් (0)

පළමු කොවිඞ් ආදේශකයා බෙන් ලිස්ටර්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.