Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පන්නල රාත්‍රී මෝටර් රථ තරග 9 වැනිදා

පන්නල රාත්‍රී මෝටර් රථ තරග 9 වැනිදා

Nisanka Sandeepani - 2017 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ශ්‍රී ලංකා සුපර් සීරිස්’ ශූරතාවලියේ පස්වැනි සහ අවසන් අදියර ලෙස පැවැත්වෙන පන්නල රාත්‍රී මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය පන්නල ස්පීඞ් ඩෝම් ධාවන පථයේදී මේ මස 9 වැනිදා පස්වරු 3.00 සිට පැවැත්වේ. 

දක්ෂතම මෝටර් රථ රියැදුරා තොරාගනු ලබන එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ මෝටර් රථ තරග සහ දක්ෂතම යතුරුපැදිකරුවා තොරාගනු ලබන එම්. කාණ්ඩයේ නවීකරණය කළ සහ නොකළ සුපිරි යතුරුපැදි තරගද ඇතුළත්ව ඉසව් 21 කින් මෙම තරගාවලිය සමන්විත වේ. ඊට මෝටර් රථ තරග 11 ක් සහ යතුරුපැදි තරග 10 ක් ඇතුළත්ය. 

මේ වන විටත් මෙම තරගාවලිය සඳහා දිවයිවේ ප්‍රමුඛ පෙළේ මෝටර් රථ රියැදුරන් සහ යතුරුපැදිකරුවන් රැසක් ලියාපදිංචි වී සිටිති. 

ඉකුත් වසරේදී මෙම තරගාවලිය දිවා තරගාවලියක් ලෙස පැවැති අතර එහිදී දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ශ්‍රියාන් සැමුවෙල්ස්ද, දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස දිනේෂ් ජයවර්ධනද සම්මාන දිනාගත්හ. 

ශ්‍රී ලංකා මෝටර් රථ රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය, ආසියානු මෝටර් රථ ක්‍රීඩා සංගමය සමග එක්ව සංවිධානය කරන මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සියැට් සමාගම කටයුතු කරයි. 

 


අදහස් (0)

පන්නල රාත්‍රී මෝටර් රථ තරග 9 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.