Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පන්දුවේ කෙළ ගෑ බෙන්ට අවවාද

පන්දුවේ කෙළ ගෑ බෙන්ට අවවාද

editorial - 2021 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ ඉන්දීය පළමු ඉනිමේදී එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් පන්දුව මත ඛේටය තවරා එය ඔප දමා තිබේ. හිතාමතා නොකළ නමුත් ඔහුගේ මෙම ක්‍රියාව කොවිඩ්-19 නියමයන් උල්ලංඝනය කිරීමකි. 

ස්ටෝක්ස් පන්දුවේ කෙළ තවරා ඇත්තේ 12 වැනි ඕවරයෙන් පසුව පන්දු යැවීමේ අන්තය වෙනස් කරන අතරතුරදීය. විනිසුරුවන් වහාම පන්දුවට සනීපාරක්ෂක ද්‍රාවණ යොදා පිරිසිදු කළ අතර අන්තර්ජාතික විනිසුරු නිතින් මෙනන් මහතා ඒ සම්බන්ධයෙන් ස්ටොක්ස්ට අවවාද කරනු දැක ගැනීමට හැකිවිය.

ඉන්දිය ඉනිමේ 19 වැනි ඕවරයේදී කොවිඩ්-19 නියමයන් උල්ලංඝනය කරමින්, වැටෙන් පැන්න ප්‍රේක්ෂකයෙක් පිටියට පිවිස විරාට් කෝලි දෙසට වේගයෙන් දිව යන්නට විය. එහෙත් ඔහුට සාර්ථක ප්‍රතිචාර නොදැක්වූ ඉන්දීය නායකයා නැවතත් හිටපු ස්ථානයට යන ලෙස ප්‍රේක්‍ෂකයාට ඉඟි කළ විට, ඔහු පසුබැස ගියේය. මෙම සිද්ධියෙන් පසු ප්‍රේක්‍ෂකාගාර සහ දැන්වීම් පුවරු අතර ආරක්ෂාව තර කර තිබුණි.

- 2079


අදහස් (0)

පන්දුවේ කෙළ ගෑ බෙන්ට අවවාද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.