Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නැඟීඑන කණ්ඩායම් අවසන් පූර්ව තරග 19 දා

නැඟීඑන කණ්ඩායම් අවසන් පූර්ව තරග 19 දා

editorial - 2019 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ නැඟීඑන කණ්ඩායම් අතර පැවැත්වෙන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා එස්.එස්.සී, හලාවත මේරියන්ස්, යුදහමුදා සහ කෝල්ට්ස් යන කණ්ඩායම් සුදුසුකම් ලබාගැනීමට ඊයේ (14 වැනිදා) සමත්විය.

අර්ධ අවසන් පූර්ව වටයේ තරග කටුනායක මේරියන්ස්, කෝල්ට්ස්, බී.ආර්.සී සහ එන්.සී.සී. යන ක්‍රීඩාංගණ වලදී ඊයේ අවසන්වූ අතර එහිදී ගුවන් හමුදා පිලට එරෙහිව ඉනිමක ජයක් හිමිකර ගැනීමට කෝල්ට්ස් පිල සමත්වූ අතර ද්‍රවිඩ සංගම් පිලට එරෙහිව ලකුණු 11 ක තියූණු ජයක් හිමිකර ගැනීමට එස්.එස්.සී පිල සමත්විය.

එන්.සී.සී පිල ලකුණු 70 කින් පරාජය කළ හලාවත මේරියන්ස් පිලත්, නාවුක හමුදා පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකරගත් යුදහමුදා පිලත් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

එස්.එස්.සී සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර පළමු අවසන් පූර්ව තරගය කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී ද, හලාවත මේරියන්ස් සහ යුදහමුදා කණ්ඩායම් අතර දෙවැනි අවසන් පූර්ව තරගය පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී ද මේ මස 19 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

අවසන් පූර්ව වටයේදී ජයගන්නා කණ්ඩායම් අතර අවසන් මහා තරගය මේ මස 24, 25 සහ 26 යන තෙදින තුලදී මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

...


අදහස් (0)

නැඟීඑන කණ්ඩායම් අවසන් පූර්ව තරග 19 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.