Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එක්දින තරග 3 කින් සහ සිවුදින තරග 2 කින් සමන්විත තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම මේ මස 16 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතය.
තරගාවලියේ පළමු සහ දෙවැනි එක්දින තරග දෙක පිළිවෙලින් මේ මස 18 වැනිදා සහ 21 වැනිදා සවාර්හිදී පැවැත්වෙන අතර තෙවැනි එක්දින තරගය 24 වැනිදා කුල්නාහිදී පැවැත්වේ.
එහි පළමු සිවුදින තරගය මේ මස 27 වැනිදා සිට 30 වැනිදා දක්වා කුල්නාහිදී පැවැත්වෙන අතර දෙවැනි සිවුදින තරගය සැප්තැම්බර් මස 3 වැනිදා සිට 6 වැනිදා දක්වා කොක්ස් බසාර්හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා නැගී එන සංචිතය ඉදිරියේදී නම් කිරීමට නියමිතය.
තරග කාල සටහන
■ අගෝස්තු 18 - පළමු එක්දින තරගය - සවාර්හිදී
■ අගෝස්තු 21 - දෙවැනි එක්දින තරගය - සවාර්හිදී
■ අගෝස්තු 24 - තෙවැනි එක්දින තරගය - කුල්නාහිදී
■ අගෝස්තු 27 සිට 30 දක්වා - පළමු සිවුදින තරගය - කුල්නාහිදී
■ සැප්තැම්බර් 3 සිට 6 දක්වා - දෙවැනි සිවුදින තරගය - කොක්ස් බසාර්හිදී
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.