Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සබරගමුව පළාත් මේසපන්දු සංගමයේ සංවිධානයෙන් අප්‍රේල් මස 4 වැනිදා සිට 6 වැනිදා දක්වා මහනුවර නගර සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ මහනුවර නගරාධිපති කුසලාන සමස්ත ලංකා මේසපන්දු තරගාවලිය මේ දින වල උද්ගතවී ඇති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් කල් දැමීමට සිදුව තිබේ.
මැයි මස මුල් සතිය තුළදී තරගාවලිය පැවැත්වීමට සංවිධායකයන් බලාපොරොත්තු වන අතර තරගාවලිය සඳහා අයැදුම්පත් භාර ගැනීම අප්‍රේල් මස 23 වැනිදා දක්වා කල්දැමීමටද ඔවුන් පියවර ගෙන තිබේ. අයැදුම්පත් භාර ගැනීම නිමා වීමෙන් අනතුරුව තරගාවලියේ කුසපත් ඇදීමේ දිනය තීරණය කිරීමට නියමිතය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.