Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දිස්ත්‍රික් සංගම් - ක්‍රීඩා සමාජවලට ක්‍රිකට් ආයතනයෙන් ලක්‍ෂ 60 ක්

දිස්ත්‍රික් සංගම් - ක්‍රීඩා සමාජවලට ක්‍රිකට් ආයතනයෙන් ලක්‍ෂ 60 ක්

යොහාන් භාසුර - 2020 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘කොරෝනා’ වෛරසයේ අවදානම නිසා ශ්‍රී ලංකාව තුළ උද්ගත වී ඇති තත්ත්වය හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩා සමාජ සහ දිස්ත්‍රික් ක්‍රිකට් සංගම්වල ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් ලක්‍ෂ 60 කට ආසන්න මුදලක් පිරිනමා ඇති බව වාර්තා වේ.

මෙහිදී මාර්තු සහ අප්‍රේල් යන මාස දෙකටම දිස්ත්‍රික් සංගමයකට රුපියල් 150,000 බැගින් පිරිනමා තිබේ. දිස්ත්‍රික් සංගම් 25 ක් ඇති බැවින් ඒ වෙනුවෙන් යොදවා ඇති මුදල රුපියල් 37,50,000 කි.

තණතීරු සහිත ක්‍රීඩාංගණ හිමි පළමු පෙළ ක්‍රීඩා සමාජ රැසකටද මාසයක් සඳහා රුපියල් 100,000 බැගින් ද පිරිනමා තිබේ. ඒ අනුව මාර්තු සහ අප්‍රේල් මාස දෙකට රුපියල් ලක්‍ෂ 2 බැගින් ක්‍රීඩා සමාජ 10 කට ආසන්න සංඛ්‍යාවකට පිරිනමා ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජික දිස්ත්‍රික් සංගම් 25 ක් ක්‍රියාත්මක වේ. පළමු පෙළ ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ සතුව තණතීරු සහිත ක්‍රීඩාංගණ 10 කට වැඩි සංඛ්‍යාවක් තිබේ.

ශ්‍රී ලංකාව තුළ පවතින තත්ත්වය හේතුවෙන් ඇතැම් ක්‍රීඩා සමාජවල ආදායම් මාර්ග සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බවටත් කිසිඳු ආදායම් මාර්ගයක් නොමැති ක්‍රීඩා සමාජ වඩාත් අපහසුතාවට පත්ව ඇති බවටත් ක්‍රීඩා සමාජ නියෝජිතයෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කරුණු දක්වා තිබුණි.
 

 


අදහස් (0)

දිස්ත්‍රික් සංගම් - ක්‍රීඩා සමාජවලට ක්‍රිකට් ආයතනයෙන් ලක්‍ෂ 60 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.