Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දිමුත් - දිනේෂ් - තිසර අභියෝගය බාර ගනිති

දිමුත් - දිනේෂ් - තිසර අභියෝගය බාර ගනිති

රොෂාන් ගුණරත්න - 2020 අප්‍රේ මස 05 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A



කොරෝනා (කොවිඞ් - 19) වයිරසය ජාත්‍යන්තර ක්‍රීඩාවට මෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවටද අති විශාල බලපෑමක් කර තිබේ. එබැවින් ක්‍රීඩකයින් සිය පුහුණුවීම් ඇතුළු දෛනික කාර්යයන් වලින් වැලකී, ක්‍රීඩාවෙන් ඈත්වී සිය නිවෙස් වලටම වී කල් ගෙවති. මේ අතර සොබාදහමත් සමගින් ජීවත්වීමේ අගය ලොවට කියා පාමින් ‘හෝම් ගාර්ඞ්න් චැලේන්ජ්’ නමින් සිය ගෙවත්තේ පැල සිටුවීමේ ව්‍යාපෘතියකටද ඔව්හු එක්වී සිටිති. ඒ සම්බන්ධයෙන් ඡායාරූප පෙළක් ක්‍රීඩකයින්ගේ ට්විටර් මාධ්‍ය ජාලයන්හී මේ වනවිට දැක ගැනීමට හැකිවනු ඇත.


එක් ක්‍රීඩකයකු විසින් තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට මේ සඳහා ආරාධනා කරන අතර එය පිළිගන්නා ක්‍රීඩකයින් සිය ගෙවත්තේ පැල සිටුවන ඡායාරූප සිය ට්විටර් ගිණුමේ පළකළ යුතුය.
මේ වනවිට ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, ධම්මික ප්‍රසාද්, ජීවන් මෙන්ඩිස් යන ක්‍රීඩකයෝ ‘හෝම් ගාර්ඞ්න් චැලේන්ජ්’ අභියෝගය බාරගෙන සිටිති. එහෙත් තවත් ක්‍රීඩකයන් රැසක් මෙම ප්‍රතිචාර දක්වන තුරු ට්විටර් සමාජ ජාලය ඔස්සේ එම ක්‍රීඩකයන් අනුගමනය කරන ක්‍රිකට් ලෝලීහු බලාපොරොත්තුවෙන් සිටිති.


අදහස් (2)

දිමුත් - දිනේෂ් - තිසර අභියෝගය බාර ගනිති
  • Dinesh Dissanayake Wednesday, 08 April 2020 10:52 AM

    මෙවැනි වැඩවලට වඩා එහාට ගිය වැඩ පිළිවෙළක්... තමයි ඕනෑ වෙන්නේ... නැතිව ෂෝ ඕෆ් වැඩ නෙමේ... ට්‍රෙන්ඩ් එකෙන් රටක් හදන්න බැහැ. මෙය ප්‍රායෝගික කරන්න මිනිස්සුන්ට වැඩ පිළිවෙළක් හදන්න. ප්‍රකට චරිත අල්ලගෙන මාර්කටින් වැඩක් නැහැ කියලා දැන්වත් තේරෙන්නේ නැතිනම් වැඩක් නැහැ...

    Reply 0       0

    Asela Wednesday, 08 April 2020 11:51 AM

    තමන්ගේ සුඛ විහරණය බලාගෙන නෙවෙයි, නුඹලා සෙල්ලම් කරනකොට නුඹලාට අත්පොළසන් ගහපු අහිංසක ජනතාව වෙනුවෙන් කෑම මල්ලක් දීපල්ලා. වියළි ආහාර ටිකක් දීපල්ලා. උඹලට කැමති දෙයක් නුඹලගේ ගෙවල්වල පැලකර ගනිල්ලා. නමුත් අහිංසක මිනිසුන් දිහා ඇස් ඇරලා බලපල්ලා...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.