Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දැල්පන්දු පුහුණු වැඩමුළු අන්තර්ජාලය ඔස්සේ

දැල්පන්දු පුහුණු වැඩමුළු අන්තර්ජාලය ඔස්සේ

editorial - 2020 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 

 
රට තුළ උද්ගතව තිබෙන හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික් තුනක දැල්පන්දු පුහුණුකාරිනියන් දැනුවත් කිරීමේ වැඩමුළු අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ පුහුණුකරුවන්ගේ සංවර්ධන කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව කුරුණෑගල, අනුරාධපුරය හා බදුල්ල යන දිස්ත්‍රික් තුනට අයත් දැල්පන්දු පුහුණුකාරිනියන් දැනුවත් හා යාවත්කාලීන කිරිමේ එම වැඩමුළු සඳහා අන්තරජාලය ඔස්සේ සහභාගිවීමට කැමැති දැල්පන්දු පුහුණුකරුවන් හා පුහුණුකාරිණියන්ට මතු දැක්වෙන නිලධාරීනියන් ඇමතීමෙන් ඒ සඳහා සම්බන්ධවිය හැකිය.

දැල්පන්දු පුහුණුකරුවන්ගේ සංවර්ධන කමිටුවේ සභාපතිනි යමුනා සඳමාලි (දුරකථන අංක – 071-6650451), දැල්පන්දු සම්මේලනයේ ලේකම් චම්පා ගුණවර්ධන (දුරකතන අංක 0714-495564) හා පුහුණුකරුවන්ගේ සංවර්ධන කමිටුවේ උපදේශිකා ඔලිවියා ගමගේ (දුරකතන අංක 0777-745291) යන මහත්මින් ඒ සඳහා ඇමතිය යුතුය.

දැල්පන්දු පුහුණුකරුවන්ගේ සංවර්ධන කමිටුවේ සභාපතිනි යමුනා සඳමාලි මහත්මිය පැවසුවේ එම දිස්ත්‍රික්කයන්හි පුහුණු වැඩමුළු දෙකක් පැවැත්වීම සඳහා දින යොදාගෙන තිබුණත් රට තුළ උද්ගතව පවතින හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් එව අත්හිටුවීමට සිදුවූ බවයි.

කෙසේ වුවත් දිවයින පුරා දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දැල්පන්දු පුහුණුකරුවන් දැනුවත් කෙරෙන වැඩමුළු මාලාවක් පැවැත්වීමට සිය කමිටුව ගෙන තිබෙන තීරණය අනුව, කෑගල්ල, මහනුවර හා කළුතර යන දිස්ත්‍රික්ක තුනේ පුහුණු වැඩමුළු පවත්වා අවසන් කිරීමට හැකිවූ බවත් ඇය පැවසුවාය.
 

අදහස් (0)

දැල්පන්දු පුහුණු වැඩමුළු අන්තර්ජාලය ඔස්සේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.