Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ඉලක්ක කරමින් අප්‍රේල් 8-9 යන දෙදින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය අවලංගු කළ බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය නිවේදනය කරයි.
මේ මස 22 වැනිදා එහිදී පැවැත්වීමට නියමිතව තිබූ ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයද අවලංගු කිරීමටද මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ.
ලබන මැයි 14 වැනිදා සිට 17 වැනිදා දක්වා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වීමට සූදානම් කර තිබූ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා කොවිඩ් -19 (කොරෝනා) වසංගත තත්ත්වය හේතුවෙන් අවලංගු කළ බව මීට ඉහතදී ආසියානු මලල ක්‍රීඩා සංගමය නිවේදනය කර සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.