Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තරග ආරම්භ කිරීමට මැදිහත් වෙන්න’යි ක්‍රීඩා ඇමතිගෙන් ඉල්ලති

තරග ආරම්භ කිරීමට මැදිහත් වෙන්න’යි ක්‍රීඩා ඇමතිගෙන් ඉල්ලති

යොහාන් භාසුර - 2020 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘කොවිඩ් 19’ වයිරස් අවදානම හේතුවෙන් මාස හයකට වැඩි කාලයක් අත්හිටුවා තිබෙන දේශීය රග්බි ක්‍රීඩාව ආරම්භ කිරීමට සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ලබාගැනීමට මැදිහත් වන ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගෙන් ශ්‍රී ලංකා රග්බි සංගමය ලිඛිත ඉල්ලීමක් කර තිබේ. ශ්‍රී ලංකා රග්බි සහ ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය එක්ව හිටපු ශ්‍රී ලංකා රග්බි නායකයකු වන වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇති බව වාර්තා වේ.  

අන්තර් සමාජ පළමු කොටසේ සත් සාමාජික රග්බි තරගාවලියකින් ලබන ඔක්තෝබර් මාසයේ සිට නැවතත් දේශීය රග්බි ක්‍රීඩාව ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රග්බි සංගමය සැළසුම්කර තිබේ. රග්බි තරග ආරම්භ කිරීමේ පළමු පියවර ලෙස ශ්‍රී ලංකා රග්බි සංගමය සියලුම රග්බි ක්‍රීඩා සමාජවල සහභාගිත්වයෙන් පසුගිය සතියේ විශේෂ වැඩමුළුවක් ද කොළඹදී පැවැත්වීය.

ශ්‍රී ලංකා රග්බි සභාපති රිස්වි ඉල්ලියාස් මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ පාසල් රග්බි සංගමය සමඟ එක්ව අමාත්‍යවරයාගෙන් මෙම ඉල්ලීම කළ බවයි.

“රග්බි සංගමය හැටියට අපි සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කරනවට වඩා හිටපු දක්‍ෂ රග්බි ක්‍රීඩකයකු වන ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීම ඵලදායි යැයි අපි හිතනවා. ඒ නිසා එතුමාගේ මැදිහත්වීම බලාපොරොත්තු වෙනවා”

“අපි කාළෙකට පසුව පාසල් රග්බි සංගමය සමඟ එකතු වෙලා පසුගිය සතියේ හොඳ වැඩසටහන් ක්‍රියාත්මක කළා. එහිදී පාසල් සංගමයේ සභාපති අබේරත්න මහතාගේ දායකත්වය වඩාත් වැදගත් වුණා” යැයි ඉල්ලියාස් මහතා වැඩි දුරටත් පැවසීය.

පාසල් ක්‍රීඩා ආරම්භ කිරීමේ සෞඛ්‍ය නිර්දේශ අනුව රග්බි ක්‍රීඩාව දැඩි අවදානම් ක්‍රීඩාවක් ලෙස හැදින්වීම නිසා පාසල් රග්බි තරග පැවැත්වීම මේ වන විට තහනම් කර තිබේ.  ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා රග්බි බලධාරීහු ඉදිරි සතියේ ක්‍රීඩා අමාත්‍යවරයා හමුවීමට බලාපොරොත්තුවෙන් සිටිති.


අදහස් (0)

තරග ආරම්භ කිරීමට මැදිහත් වෙන්න’යි ක්‍රීඩා ඇමතිගෙන් ඉල්ලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.