Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ටොරින්ටන් නේවාසිකාගාරයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 70 ක ‘බුබුලක්’

ටොරින්ටන් නේවාසිකාගාරයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 70 ක ‘බුබුලක්’

යොහාන් භාසුර - 2020 ඔක් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා අමාත්‍යංශය යටතේ මේ වන විට ක්‍රියාත්මක ජාතික පුහුණු සංචිත පහක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 70 ක් ‘බුබුලක්’ (කණ්ඩායමක්) ලෙස මේ සතියේ සිට පුහුණුවීම් නැවත ආරම්භ කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණ කළ බව ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ‘ලංකාදීප’යට පැවසීය.

මලල ක්‍රීඩා, වූෂු, කබඩි, බර ඉසිලීම සහ ආබාධ සහිතවූවන් (පැරා) යන ක්‍රීඩාවල සංචිතවල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මේ වන විට ටොරින්ටන්හි ක්‍රීඩක නේවාසිකාගාරයේ රැදී සිටිති.

“රටේ දැන් ඇති වී ඇති තත්ත්වය අනුව මෙම සංචිත අත්හිටුවහොත් එය විශාල අපරාධයක් වෙනවා. මොකද ඔවුන් දැන් හොඳ තත්ත්වයක ඉන්නවා”

“මෙහිදී අපි සංචිත පහේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 70 ක් එකම ‘බබල්’ එකක් හැටියට සළකා පුහුණුවීම් ආරම්භ කරනවා. එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නිලධාරීන් සහ පුහුණුකරුවන් එකටම කටයුතු කරනවා. ඔවුන්ට කිසිඳු විටක එළියට යන්න බෑ”

“මෙය ක්‍රීඩාවෙන් ක්‍රීඩාවට ‘බබල්’ පහක් හැටියට ස්ථානගත කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් මෙහිදී ප්‍රායෝගිකව පහසුකම් සැළසීමේදී ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. අපි මේ සම්බන්ධව අදාල ක්‍රීඩාව සංගම්වල නිලධාරීන් සමඟත් කථා කළා”

“කිසිවකු එළියට නොයන නිසා සංඛ්‍යාව වැඩි වීම ප්‍රශ්නයක් නෑ” යැයි එදිරිසූරිය මහතා වැඩි දුරටත් පැවසීය.   

 


අදහස් (0)

ටොරින්ටන් නේවාසිකාගාරයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 70 ක ‘බුබුලක්’

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.