Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය කල්යයි

ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය කල්යයි

editorial - 2020 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් තරගය ලබන වසරේ ජුනි මාසයේදී ලන්ඩන් නුවර ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් සභාවට අවශ්‍යව ඇත. නමුත් කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් බොහෝ තරගාවලි කල්දැමීම හේතුවෙන් තරඟකාරී රටවල් වලට තරග කාලසටහන් සකස්කර ගැනීමේ අපහසුතාවයක් ඇති බැවින් අවසන් තරගය කල් දැමීමට සිදුවනු ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සාමාන්‍යාධිකාරී ජෙෆ් ඇලර්ඩිස් මහතා පවසයි. 

“කල් දමා ඇති තරගාවලි නැවත පැවැත්වීම පිළිබඳව අපි සාමාජිකයන් සමඟ කටයුතු කරමින් සිටිනවා.  උත්සහය සහ නිසි අවබෝධයත් සමගින් අපි ටෙස්ට් ශූරතාවලිය සම්පූර්ණ කරනවා” යයිද ඔහු පැවසීය.

ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලිය යටතේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිටියදී, මාර්තු මාසයේදී පැතිර ගිය කොරෝනා වසංගතය හේතුවෙන් සමස්ත ලෝකයේම ක්‍රීඩාව එකතැන නතර විය. 

එතැන් සිට බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ද අහිමි වී ගියේය. අගෝස්තු මාසයේ ආරම්භ වීමට නියමිත නවසීලන්ත කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයද කල් දමා තිබේ. එම සියලුම තරග ටෙස්ට් ශූරතාවලියට අයත් තරග වන්නේය.

 


අදහස් (0)

ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.