Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රෝද පුටු ටෙනිස් ලෝක ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම පසුවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් තිදෙනා වන සුරේෂ් ධර්මසේන, ගාමිණී දිසානායක සහ සුරේෂ් රණවීරට මැලේසියාවේ නිෂ්පාදිත නවතම රෝද පුටු පසුගියදා පිරිනමන ලදි. මෙම රෝද පුටු පිරිනැමීමේ වැඩසටහන ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථානයේදී පැවැත්විණ.
සුරේෂ් ධර්මසේන මේ වන විට රෝද පුටු ටෙනිස් ලෝක ශ්‍රේණිගත කිරීම් අතරේ 62 වැනි ස්ථානයේ පසුවන අතර ගාමිණී දිසානායක සහ සුරේෂ් රණවීර පිළිවෙලින් එහි 82 වැනි සහ 101 වැනි ස්ථාන වල රැදී සිටිති.
මෙම ක්‍රීඩකයෝ තිදෙනාම කොරෝනා වසංගතයෙන් පසුව නැවතත් පුහුණුවීම් ආරම්භ කර ඇති බවද ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලි සඳහා සූදානම් වෙමින් සිටින බවද ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවේ රෝද පුටු ටෙනිස් ව්‍යාපෘතියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන සී.අයි.සී.ටී. සමාගම (කොළඹ අන්තර්ජාතික බහාලුම් පර්යන්තය), මෙම රෝද පුටු සඳහා අනුග්‍රාහකත්වය ලබාදී තිබේ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සභාපති ඉක්බාල් බින් අයිසැක් සහ උප සභාපති ශිරාන් අබේසේකර යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක්ද, සී.අයි.සී.ටී. සමාගමේ නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.