Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික දැල්පන්දු පුහුණුකාරිය සොමිතා

ජාතික දැල්පන්දු පුහුණුකාරිය සොමිතා

නාමල් පතිරගේ - 2020 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික දැල්පන්දු පුහුණුකරුධුරය සඳහා සොමිතා ද අල්විස් මහත්මිය නිර්දේෂ කිරීමට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය ඊයේ (6) තීරණය කර තිබේ. ඇය වසර 2013 දී ද ජාතික දැල්පන්දු පුහුණුකරුධුරය දරා තිබෙන අතර වසර 2003 දී ජැමෙයිකාවේදී පැවති 11 වැනි ලෝක දැල්පන්දු ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරා තිබේ.

සි. රත්නමුදලි මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුවක් මගින් අයදුම්කරුවන් කීපදෙනකු අතරින් 51 හැවිරිදි අල්විස් මහත්මිය ඒ සඳහා නිර්දේශ කළ බව දැල්පන්දු සම්මේලනය ඊයේ නිවේදනය කර සිටියේය.

යසා රාමචන්ද්‍ර, යස්මින් ධර්මරත්න, ඔලිවියා ගමගේ හා වෛද්‍ය ලාල් ඒකනායක මහතා එම කමිටුව නියෝජනය කළ සෙසු සමාජිකයෝ වෙති.

නව පුහුණුකාරිණියගේ පත්වීම වසරකට පමණක් බල පැවැත්වෙන අතර ලබන මැයි 27 වැනිදා සිට 29 වැනිදා දක්වා තායිලන්තයේදී පැවැත්වෙන ආසියානු ගෘහස්ත ක්‍රීඩා හා සටන් කලා ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සුදානම් කිරීම ඇයට පැවරෙන පළමු කාර්යභාරය වේ.

දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය පවසන්නේ වසරක කාලය තුළ ඇගේ දක්‍ෂතා පදනම් කර ගනිමින් වසර 2022 ටත් ඇගේ සේවය දිර්ඝ කිරීම ගැන සම්මේලනය සලකා බැලීමට සුදානම් බවයි.

එම වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඉලක්කය පැවැත්වීමට නියමිත 2022 ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියයි. ක්‍රීඩා සමාජ පුහුණුකාරිනියක් ලෙස අල්විස් මහත්මිය හැටන් නැෂනල් බැංකු හා නාවික හමුදා යන ක්‍රීඩා සමාජයන්හි ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ. එහිදී එම ක්‍රීඩා සමාජ දෙකටම ජාතික දැල්පන්දු ශුරතාව දිනා දීමට ඇය දායකවී තිබේ.

සොමිතා ද අල්විස් මහත්මියගේ පත්වීමත් සමග ජාතික දැල්පන්දු සංචිතයේ පුහුණු ක්‍රියාකාරකම් සෞඛ්‍යමය නව නිරෝධායන ක්‍රම යටතේ බලගැන්වීම සඳහා දැල්පන්දු සම්මේලනය ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මේ වන විට අනුමැතිය ඉල්ලා තිබේ.

මේ අතර ජාතික සහය දැල්පන්දු පුහුණුකාරිනී පී.ඩී. ප්‍රසාදි මහත්මියගේ එම ධුරයද තවත් වසරකින් දිර්ඝ කර තිබේ.

 


අදහස් (0)

ජාතික දැල්පන්දු පුහුණුකාරිය සොමිතා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.