Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ක්‍රීඩා දිනය සැමරේ

ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ක්‍රීඩා දිනය සැමරේ

editorial - 2020 සැප් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැලණිය විශ්වවිද්‍යාලයේදී  පැවති මෙම විශේෂ උත්සවයට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා සංගමයේ ලේකම් රෝහිණී පුවසිංහම් (නැගෙණහිර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා අධ්‍යක්ෂිකා), ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා සංගමයේ භාණ්ඩාගාරික රමණි ගුණතිලක (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා අධ්‍යක්ෂිකා) සහ සමන් කුමාර ගුණවර්ධන (කැළණිය විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා අධ්‍යක්ෂක) ඇතුළු ආරාධිත පිරිස සහභාගි වූ අවස්ථාව.

 

(බෙලිහුල්ඔය  - ප්‍රින්ස් රත්නායක)

යුනෙස්කෝව විසින් නම් කරන ලද ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ක්‍රීඩා දිනය ඊයේ (20 වැනිදා) පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මහත්මිය සහභාගී වූවාය. විශේෂ ආරාධිතයා ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය සහභාගී වූවාය.

විශ්වවිද්‍යාල ක්‍රීඩා සංගමයේ සභාපති නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ආචාර්ය චන්ද්‍රකාන්තා මහේන්ද්‍රනාදන් මහත්මිය ඇතුළු විශ්වවිද්‍යාල ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂවරු, ශාරීරික අධ්‍යාපන උපදේශකවරු, විශ්වවිද්‍යාල ක්‍රීඩා උපදේශක මණ්ඩලයන්හි සභාපතිවරු, විශ්වවිද්‍යාලයන් නියෝජනය කරමින් ශිෂ්‍ය නියෝජිතවරුන්ගේ සහභාගීත්වයෙන් ක්‍රීඩා දිනය පැවැත්විණ.

 


අදහස් (0)

ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ක්‍රීඩා දිනය සැමරේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.