Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා ශූරතාව වත්තල ලයිසියම් විදුහලට

ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා ශූරතාව වත්තල ලයිසියම් විදුහලට

නාමල් පතිරගේ - 2020 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාත්‍යන්තර පාසල් 23ක සහභාගිත්වයෙන් කොළඹ සුගතදාස පිටියේ දී නිමාවට පත් වූ 20 වැනි ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාව රන් පදක්කම් 39 ක් හිමිකරගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල විසින් දිනා ගන්නා ලදී. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල  එහි සමස්ත ශූරතාව පිට පිටම දිනා ගත් 12 වැනි වතාව එයයි.

මෙතෙක් පැවැති තරගාවලිය 20 න් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල මෙම තරගාවලිය ජයගත් 13 වැනි අවස්ථාවද එයයි.

මෙම තරගාවලියේ ඉතිහාසය පුරා කැපී පෙනෙන දස්කම් පළ කර තිබෙන ලයිසියම් ජාත්‍යන්තර පාසල් ජාලයේ පානදුර, නුගේගොඩ, රත්නපුර හා වත්තල පාසල් එකතුව මෙවර දිනා ගත් රන් පදක්කම් ගණන 59 කි. එය මුළු රන් පදක්කම් එකතුවෙන් අඩකටත් වැඩි ගණනකි.

කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල මෙවර තරගාවලියේ අනු ශූරතාව හිමි කර ගත්තේ රන් පදක්කම් 24ක් හිමි කර ගනිමිනි. ඒ ජයග්‍රාහී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට මෙවර තරගාවලියේ හොඳම සටන දුන් ජාත්‍යන්තර පාසල බවට පත් වෙමිනි.

මෙම තරගාවලිය මීට පෙර ජය ගත් ජාත්‍යන්තර පාසල් කිහිපය අතර කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල ද වේ. වයස් කාණ්ඩ පහක ශූරතා කුසලාන ද සිය දස්කම් ගොන්නට එකතු කර ගත් ජයග්‍රාහී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල  එහිදී රිදී පදක්කම් 30 ක් හා ලෝකඩ පදක්කම් 23 ක් ද ලැබීය.

දෙවැනි ස්ථානයට පත් කොළඹ ගේට්ටේ ජාත්‍යන්තර පාසලේ පදක්කම් එකතුවට රිදී පදක්කම් 29 ක් හා ලෝකඩ පදක්කම් 19 ක් ද ඇතුළත් විය. ඒ අනුව මෙවර නිමාවට පත්වූ ජාත්‍යන්තර පාසල්  මලල ක්‍රීඩා තරගාවලියේදී තෙවැනි ස්ථානයට පත් නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල  රන් පදක්කම් නවයක් ඇතුළුව රිදී පදක්කම් 11 ක් හා ලෝකඩ පදක්කම් 12 ක් දිනා ගත්තේය.

තරගාවලියට සහභාගි වූ ජාත්‍යන්තර පාසල් අතරින් රන් පදක්කම්ලාභීන් බවට පත්වූ සෙසු ජාත්‍යන්තර පාසල් වූයේ පානදුර ලයිසියම් (08), කොළඹ ජාත්‍යන්තර (04), පානදුර ලීඩ්ස් (04), ඇලීතියා (3), කොළඹ ජාත්‍යන්තර පාසල (3), රත්නපුර ලයිසියම් (3), කොළඹ ආසියානු පාසල (01), මහනුවර ගේට්වේ (01), ශාන්ත නිකලස් (01) හා ස්ටැෆර්ඩ් යන ජාත්‍යන්තර පාසල්ය.

20 වැනි ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදී නව වාර්තා 54කින් වාර්තා පොත පිරැණි. එයින් ද නොනැවතී පැරණි වාර්තාව සම කරමින් හා එය අභිබවා යමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දස්කම් දැක්වූ අවස්ථා 38ක් ද වාර්තා විය.

නව වාර්තා හතරක් මූලික වටවල දී වාර්තා වීමත් කැපී පෙනුණි. මෙසේ මූලික වටයේදී නව වාර්තා පොතට එක්වීමට සමත් වූයේ තෙනුක පියුමාල් (වත්තල ලයිසියම් - මීටර 110 – කඩුලු - තත්පර 15.41), මලික අමින් (කොළඹ ගේට්වේ - මීටර 800 – 18න් පහළ බාලක විනාඩි 2 තත්ත්පර 30.90), නදුනි සූරියගමගේ (මීටර 1500 වයස 20න් පහළ බාලිකා - විනාඩි 2 තත්ත්පර 31.60 – ඇලිතියා ජාත්‍යන්තර පාසල) සානිත් යෝෂිත් සමරසූරිය (මීටර 80 කඩුලු වයස 14න් පහළ තත්ත්පර 12.49) යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝය.

මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස වත්තල ලැයිසියම් ජාත්‍යන්තර පාසල් තුන් පිම්ම ක්‍රීඩකයනුත් කුමාර හා දක්ෂතම ක්‍රීඩිකාව ලෙස හොඳම ගේට්වේ ජාත්‍යන්තර පාසල් ෂෙලින්ඩා ජෙන්සන් ශූරතා සම්මාන ලැබූහ.

 ජයසංකේත ප්‍රදානෝත්සවය ඉරිදා සන්ධ්‍යාවේදී විදේශ කටයුතු ඇමති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පවැත්වුණි. මේ අවස්ථාවට විශේෂ ආරාධිතයන් ලෙස   තරගාවලියට ප්‍රධාන අනුග්‍රහයට දැක්වූ සිලෝන් බිස්කට් සමාගම වෙනුවෙන් එහි සාමාන්‍යාධිකාරි (අලෙවි) ජන්මේෂ් ඇන්තනී හා තරගාවලියට සත්කාරය දැරූ ගේට්වේ  ජාත්‍යන්තර පාසල් සමූහයේ අධ්‍යක්ෂක හා තරග කමිටුවේ සභාපති ආචාර්ය හර්ෂ අලස් යන මහත්වරැ ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

20 වැනි ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ ශූරතාලාභි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ.

(වයස 12න් පහළ )
♦ බාලක:- බිතාල් ගුණරත්න (කොළඹ ගේට්වේ)
♦ බාලිකා:- සුරක්ෂි දරනගම (ඕ.කේ.අයි.)
♦සමස්ත ශූරතාව:- කොළඹ ගේට්වේ (ලකුණු 57)

(වයස 14න් පහළ)
♦ බාලක- කෙනුල් දුල්මින් (වත්තල ලයිසියම්)
♦ බාලිකා (සම) :- නෙහන්සා පරණලියනගේ (කොළඹ ගේට්වේ), නාලිනි සමරසේකර:-(නුගේගොඩ (ලයිසියම්)
♦ සමස්ත ශූරතාව :-වත්තල ලයිසියම් (24)

වයස 16න් පහළ)
♦බාලිකා :-දිනෙත් වීරරත්න (පානදුර ලීඩ්ස්)
♦බාලිකා:- සේනිකා ගුණරත්න (මහනුවර-කොළඹ ජාත්‍යන්තර)
♦සමස්ත ශූරතාව:- වත්තල ලයිසියම් (85)

(වයස 18 න් පහළ)
♦බාලක:- පසිදු ගුණවර්ධන (කොළඹ  ගෙට්වේ)
♦බාලිකා (සම):-දුල්සානා හුළුදාගොඩ (නුගේගොඩ ලයිසියම් බාලිකා අමින්ත (කොළඹ ගේට්වේ), සඛිනි දිල්ෂා (වත්තල ලයිසියම්)
♦ සමස්ත ශූරතාව:-(වත්තල ලයිසියම් :-168)

(වයස 20න් පහළ)
♦ බාලක:- සඳුන් කුමාර (වත්තල ලයිසියම්)
♦බාලිකා :- සදීපා හෙන්ඩර්සන් (කොළඹ ගේට්වේ)
♦සමස්ත ශූරතාව:- වත්තල ලයිසියම් (110)
♦ තරගාවලියේ සහය දිවීමේ ශූරතාව:- කොළඹ ගේට්වේ (175)
♦ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකයාට පිරිනැමෙන ‘චන්ඩි’ අභියෝග ශූරතා කුසලානය:- ෂෙලින්ඩා ජෙන්සන් (මීටර 100- තත්පර 11.94-වයස 20න් පහළ බාලිකා නව තරග වාර්තාවකි)
♦තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට පිරිනැමෙන මන්චි අභියෝග ශූරතා කුසලානය:- සඳුන් කුමාර (තුන් පිම්ම  -
වයස 20න් පහළ බාලක- මීටර 15-44 කට තරග වාර්තාවකි.

තරගාවලියේ දක්ෂතම  ක්‍රිඩිකාව වූ ෂෙලින්ඩා ජැන්සන් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් ශූරතා පළිහ ලබාගත් අයුරු

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූ සඳුන් කුමාර  අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් ශූරතා පළිහ ලබාගත් අයුරු

12 වැනි  වතාවටත් ජත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා ශූරතාව දිනු වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා කණ්ඩායම.


ඡායාරූප - කුෂාන් පතිරාජ


අදහස් (0)

ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා ශූරතාව වත්තල ලයිසියම් විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.