Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(වමේ සිට දකුණට) ෂෙනාල්, දිමුත්, සෙනුක සහ පෙසඳු
පළමුවරට පැවැති ශ්‍රී ලංකා යොවුන් ගෝන් ප්‍රී චෙස් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ දිමුත් ඉන්දීප සමත් විය. මෙම තරගාවලිය නුගේගොඩ, දෙල්කඳ පිහිටි ශ්‍රී ලංකා චෙස් සම්මේලන මූලස්ථානයේදී පැවැත්විණ.
අවසන් පූර්ව වටයේදී ඩී.එස්. සේනානායක විදුහලේ පෙසඳු ලියනගේ පරාජය කළ දිමුත්, අවසන් මහ තරගයේදී එම විදුහලේම සෙනුක අහංගම පරාජය කරමින් තරගාවලියේ ශූරතා කුසලානයත්, රන් පදක්කමක් සමග රුපියල් 25,000 ක මුදල් ත්‍යාගය දිනාගත්තේය.
දිමුත් හමුවේ අවසන් මහ තරගය පරාජය වූ සෙනුකට රිදී පදක්කමෙන් සහ රුපියල් 15,000 ක මුදල් ත්‍යාගයකින් සෑහීමකට පත් වීමට සිදුවිය. ඔහු අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී රාජකීය විද්‍යාලයේ ෂෙනාල් ගුණතිලක පරාජය කරමිනි.
තෙවැනි ස්ථානය සදහා පැවැති තරගයේදී ෂෙනාල් පරාජය කිරීමට පෙසඳු සමත් වූ අතර ඒ වෙනුවෙන් ඔහුට ලෝකඩ පදක්කම සහ රුපියල් 10,000 ක මුදල් ත්‍යාගයක් හිමිවිය. ඒ අනුව තරගාවලියේ පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන 3 ම කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට හිමිවිය.
ශ්‍රී ලංකා චෙස් සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම යොවුන් චෙස් ශූරතාවලියට අවුරුදු 14 ට අඩු ක්‍රීඩකයෝ 20 දෙනෙක් සහභාගී වූහ. එහිදී ‘එක්ස්’ හා ‘වයි’ ලෙස ක්‍රීඩකයන් 10 දෙනා බැගින් වූ සමාන කාණ්ඩ දෙකකට බෙදා ලීග් ක්‍රමයට තරග පැවැත්විණ.
‘එක්ස්’ හා ‘වයි’ කාණ්ඩවල ශූරයන් සහ අනුශූරයන් වූ ක්‍රීඩකයන් සිවුදෙනා අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූහ.
ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස දකුණු ආසියානු චෙස් කවුන්සිලයේ ප්‍රධාන ලේකම් සහ ආසියානු චෙස් සම්මේලනයේ උප සභාපති ලක්ෂ්මන් විජේසූරිය මහතා සහභාගි වූ අතර ප්‍රධාන විනිසුරු දයාල් සිරිවර්ධන මහතා සහ ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ භාණ්ඩාගාරික ඉරෝෂ් ජයසිංහ යන මහත්වරුද එම අවස්ථාවට එක් වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.