Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගේට්වේ ක්‍රීඩකයෝ ගෝල 1-0 කින් සාන්ත තෝමස් පිල පරාජය කරති

ගේට්වේ ක්‍රීඩකයෝ ගෝල 1-0 කින් සාන්ත තෝමස් පිල පරාජය කරති

යොහාන් භාසුර - 2020 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල අතර නෙවිල් ද අල්විස් - රැල්ෆ් අලස් අනුස්මරණ කුසලාන සඳහා පැවැති වයස 20 න් පහළ වාර්ෂික පාපන්දු තරගයෙන් ගේට්වේ ජාත්‍යන්තර පාසල් ක්‍රීඩකයෝ ගෝල 1-0 ක ජයක් ලැබීමට සමත් වූහ.

මෙම තරගය කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී අද (25) පස්වරුවේ විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්විණි.

ගේට්වේ ජාත්‍යන්තර පාසලේ බිනිත චන්ද්‍රසේන තරගයේ වඩාත් කැපී පෙණුනු ක්‍රීඩකයාට හිමි ‘රන් පාවහන්’ සම්මාන ලැබීය. ගේට්වේ පිලේ නායක අරීබ් නියාස් දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන හිමිකරගත්තේය.

සාන්ත තෝමස් විදුහලේ දළ රකින ක්‍රීඩක ඩී. ශිවදර්ශන්, දක්‍ෂතම දළ රකින්නා ලෙස සම්මාන ලැබීය.

ගේට්ටේ ක්‍රීඩකයෝ තරගය ආරම්භ වී මිනිත්තු දෙකක් ගතවීමටත් පෙර සැළසුම්සහගතව ගෝල සීමාව ආක්‍රමණය කළ අතර එහිදී බිනිත චන්ද්‍රසේන, සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩකයන් අන්දමන්ද කරමින් දැළ වෙත පන්දු යොමු කිරීමට සමත් විය.

ඒ අනුව තරගයේ දෙවැනි මිනිත්තුවේදී ගේට්වේ ජාත්‍යන්තර පාසල ගෝල 1-0 කින් පෙරමුණ ගත්තේය.

එම ගෝලය තරගයේ එකම ගෝලය බවට පත්වූ අතර පළමු අර්ධය අවසන් වීමට ඔන්න මෙන්ම තිබියදී බිනිත චන්ද්‍රසේන පෙර පරිදිම ස්ථානගත වී දැළ වෙත පන්දුව යොමු කළේය. එහිදී ශාන්ත තෝමස් දළ රකින්නා වූ ඩී. ශිවදර්ශන් දකුණු පසට පැන වැළැක්වීමෙන් දෙවැනි ගෝලය අහිමිවිය.  

ගේට්වේ පිල පළමු අර්ධයේදී වම් පස පැති රේඛාව ඔස්සේ දැළ ආසන්නට පන්දුව ගෙන ඒමේ සැළැස්මක් ක්‍රියාත්මක කරමින් අවස්ථාව දහයකදී පමණ දැළට ආසන්න වුවද සුළු අතපසුවීම් ගෝල අහිමි කළේය.

සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී වඩාත් සැළසුම්සහගත වෙමින් ක්‍රීඩාංගණයේ දකුණු පස ප්‍රදේශය ප්‍රයෝජනයට ගනිමින් අවස්ථා 15 කදී පමණ දැළ අසළට පැමිණෙමින් දැළට පන්දුව යොමු කළ ද ඒ සෑම අවස්ථාවක්ම මඟ හැරුණි.

දෙවැනි අර්ධයේ මිනිත්තු 40 න් මිනිත්තු 25 කට වැඩි කාලයක් පන්දුව සාන්ත තෝමස් පිල සතුව තිබීම කැපී පෙනුණි. සාන්ත තෝමස් පිලට එම කාලය තුළ නිදහස් පහර අවස්ථා තුනක් පමණ ලැබුණ එවායින් ද ප්‍රයෝජනයක් ගැනීමට අපොහොසත් විය.

මෙම තරගයට සමගාමීව පැවැති වයස 16 න් පහළ තරගයේදී සාන්ත තෝමස් විදුහල් පිල ගෝල 3-0 කින් ද, වයස 14 න් පහළ තරගයේදී සාන්ත තෝමස් විදුහල් පිල ගෝල 1-0 කින් ගේට්වේ පිල පරාජය කළේය.

ගේට්වේ ජාත්‍යන්තර පාසල් ක්‍රීඩකයෝ වයස 12 න් පහළ තරගයේදී ගෝල 1-0 කින් සාන්ත තෝමස් විදුහල පරාජය කළහ.  

වයස 20 න් පහළ තරගයට පෙර ගේට්වේ ජාත්‍යන්තර පාසල් සහ කොළඹ ඕවසීස් ජාත්‍යන්තර පාසල් බාලිකා කණ්ඩායම් අතර ප්‍රදර්ශන පාපන්දු තරගයෙන් ඕවසීස් ජාත්‍යන්තර පාසල් ක්‍රීඩිකාවෝ ගෝල 5-4 කින් ජය ලැබූහ.

ඡායාරූප - ඉෂාන් සංජීව


අදහස් (0)

ගේට්වේ ක්‍රීඩකයෝ ගෝල 1-0 කින් සාන්ත තෝමස් පිල පරාජය කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.