Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කෝල්ට්ස් මුල් පුටුව නිශාන්තට

කෝල්ට්ස් මුල් පුටුව නිශාන්තට

editorial - 2019 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ කොල්ට්ස් ක්‍රිකට් සමාජයේ 146 වැනි මහ සභා රැස්වීමේදී එහි නව සභාපතිවරයා ලෙස හිටපු සභාපති නිශාන්ත රණතුංග මහතා නැවත වරක් සියලු දෙනාගේ එක්මතික ඡන්දයෙන් තේරී පත්විය. එහිදී 2019/2020 වාරය සඳහා නව නිලධාරී මණ්ඩලය තෝරා පත්කර ගත් අතර චමින්ද වාස් සහ කේ. ශක්තිදාසන් මහත්වරු උප සභාපතිවරු ලෙසද, ශිරාන් අබේසේකර මහතා ලේකම්වරයා ලෙසද තේරී පත් වූහ.  

එලඹෙන ක්‍රීඩා සමාජ තරග වාරයේදී කොල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කුසල් පෙරේරා නම් කිරීමටද නව නිලධාරී මණ්ඩලය එහිදී පියවර ගත්හ.


නිලධාරී මණ්ඩලය

සභාපති - නිෂාන්ත රණතුංග මහතා
අනුශාසක - ට්‍රෙවර් රාජරත්නම් මහතා
උප අනුශාසකවරු - ජගත් සවනදාස සහ තිස්ස අබේවර්ධන යන මහත්වරු
උප සභාපතිවරු - චමින්ද වාස් සහ කේ. ශක්තිදාසන් යන මහත්වරු
ලේකම් - ශිරාන් අබේසේකර මහතා
භාණ්ඩාගාරික - එම්. රත්නහරන් මහතා
උප ලේකම් - රජීව් මුණසිංහ මහතා
උප භාණ්ඩාගාරික - චන්දික ජයවර්ධන මහතා
ක්‍රීඩා සමාජ නායක - දිනේෂ් වික්‍රමනායක මහතා
ක්‍රිකට් ලේකම් - මැල්කම් පෙරේරා මහතා
හොකී ලේකම් - කේ. ජයරත්නම් මහතා
බිලියඞ් ලේකම් - එම්.ඩී. ඉෆ්තිකාර් මහතා
ක්‍රීඩාංගණ සහ ක්‍රීඩාගාර ලේකම් - කාල්ටන් බර්නාඩස් මහතා
සමාජ සහ ගෘහස්ත ක්‍රීඩා ලේකම් - වජිර දසනායක මහතා
කාන්තා හොකී ලේකම් - වින්ද්‍යා ජයසූරිය මහත්මිය
කමිටු සාමාජිකයෝ - ලෙස්ටර් ප්‍රනාන්දු, එස්.කේ. රවීන්ද්‍රන්, ෂේන් ප්‍රනාන්දු, කපිල සුමනපාල, සංජය ලක්සුමනගේ හා ගණේෂ්නාතන් යන මහත්වරුන් සහ දර්ෂිකා ද සිල්වා මහත්මිය
ක්‍රිකට් නායක - කුසල් පෙරේරා
කාන්තා ක්‍රිකට් නායිකා - ශිරෝමි අතුකෝරල
හොකී නායක - අසාෆ් තුවාන්
කාන්තා හොකී නායිකා - අනාකා බෝරාම්
බිලියඩ් නායක - ඩයස් මුතුකුඩ

-036

 


අදහස් (0)

කෝල්ට්ස් මුල් පුටුව නිශාන්තට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.