Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කුමුදු ප්‍රියංකාට ලෝකඩ පදක්කමක්

කුමුදු ප්‍රියංකාට ලෝකඩ පදක්කමක්

නාමල් පතිරගේ - 2021 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩුබායි’ නුවරදී දැන් පැවැත්වෙන ආසියානු පැරා ගෝන් ප්‍රී තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා කුමුදු ප්‍රියංකා කුමාරි දුර පැනීම (5-46 වැලමිටෙන් පහළ එක් අතක් අහිමිකාන්තා) ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.  ඇයගේ දක්ෂතාව මීටර් 4.89 කි. එම ඉසව්වේ තරග වැදුණු අනෙක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාව වන අමරා ඉන්දුමතී කරුණාතිලක එහිදී මීටර 4.76 ක දුරක් පනිමින් සිව් වැනි ස්ථානයට පත් වූවාය.

මෙම ක්‍රීඩා උළෙල ටෝකියෝ පැරලිම්පික් තරගාවලියේ තේරීම් තරගාවලියක් ලෙසින් ද සැලකේ.

ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ඩුබායි නුවර දී පැවැත්වෙන මෙම ආසියානු ගෝන්-ප්‍රී පැරා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගිවී සිටියි. කෙසේ වුවත් ලෝකඩ පදක්කම දිනාගත් 31 හැවිරිදි කුමුදු ප්‍රියංකා කුමාරිගේ එම දස්කම ටෝකියෝ පැරා ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබීමට ප්‍රමාණත් නොවේ.

වසර 2018 ‘ජකර්තා නුවර පැවති ආසියානු ශූරතා උළෙලේ දී කුමුදු ප්‍රියංකා එම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවයි. දුර පැනීම සිව් වැනි ස්ථානයට පත් අමරා ඉන්දුමතී 2018 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී එම ඉසව්වේ රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවයි. මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාම ඩුබායි නුවර දැන් පැවැත්වෙන තේරීම්  තරගාවලියේ දී අදාළ කාණ්ඩය යටතේ මීටර 400 (කාන්තා) ඉසව්වේදී අද (13) තරග වැදීමට නියමිතය.

විශේෂ අවශ්‍යතා සහිත ජාතික ක්‍රීඩා පාලක (පැරා) කමිටුවේ සභාපති මේජර් ජනරාල් රාජිත අම්පෙමොහොට්ටි මහතා ‘ලංකාදීප’ය කළ විමසුක දී පැවසුවේ ටෝකියේ පැරා ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව ලබන මැයි 8 වැනිදා දක්වා හිමිව තිබෙන බවයි.
ඒ සඳහා මේ වනවිට සුදුසුකම් ලත් නාම ලේඛනය යටතේ ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයෝ තිදෙනෙක් සුදුසුකම් ලබා සිටිති.  ඒ මලල ක්‍රීඩාවෙන් හා  දුන්නෙන් විදීම යන ඉසව් දෙකෙනි.

සම්පත් බණ්ඩාර (එෆ් -46) දුන්නෙන්  විදීම ඉසව්වෙන්ද, දිනේෂ් ප්‍රියන්ත හේරත් හා සමිත දුලාන් කොඩිතුවක්කු (එෆ්- 44)  පිරිමි හෙල්ල විසි කිරීම ඉසව්වෙන් එම අවස්ථාව උදාකර ගෙන සිටිති.

ඒ ඔවුන් දෙදෙනා පිළිවෙලින් එම ඉසව්වෙන් ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව තෙවැනි හා සිව්වැනි ස්ථානවලට පත්ව සිටිති.


අදහස් (0)

කුමුදු ප්‍රියංකාට ලෝකඩ පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.