Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කිලෝමීටර 25 ක පිහිනුම් තරගාවලිය අම්බලන්ගොඩදී

කිලෝමීටර 25 ක පිහිනුම් තරගාවලිය අම්බලන්ගොඩදී

editorial - 2021 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ ලයන්ස් ජල ක්‍රීඩා සමාජය පලමු වරට සංවිධානය කරනු ලබන කිලෝමීටර් 25 ගංගා පිහිනුම් තරගාවලිය හෙට (16) උදෑසන 6.00 ට එම ජල ක්‍රීඩා සමාජයේ සභාපති චතුක දුලාංජය ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්ගොඩ මාදම්පා ගගේ ඌරවත්ත තොටුපොළේදී පැවැත්වේ.

මේ පිහිනුම් තරගාවලිය සදහා අම්බලන්ගොඩ ලයන්ස් ජල ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෝ 10 ක් සහ ක්‍රීඩිකාවෝ දෙදෙනෙක් සහභාගීවෙති.

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ පිහිනුම් ක්‍රීඩා විනිසුරුවරුන්ගේ අධීක්ෂණය යටතේ මේ පිහිනුම් තරගාවලිය පැවැත්වෙන බවත් මෙතෙක් කලක් ගංගා පිහිනුම් තරගාවලියකදී කිලෝමීටර් 25 ක දුරක් පැය 10යි විනාඩි 18ක් තබා තිබූ ශ්‍රී ලංකා පිහිනුම් වාර්තාව බිඳ දමා අලුත් වාර්ථාවක් පිහිටුවීමේ අරමුණින් මේ තරගාවලිය පවත්වන බවත් අම්බලන්ගොඩ ලයන්ස් ජල ක්‍රීඩා සමාජය කියයි.

මේ තරගාවලිය සදහා සහභාගීවෙන ක්‍රීඩක, ක්‍රීඩිකාවන් මෙම  වාර්තාව තැබීම සදහාම  මීට පෙර මාදම්පා ගගේ හොදින් පුරුදු පුහුණුවූ බවද එම ක්‍රීඩා සමාජය වැඩිදුරටත් සදහන් කරයි.

 


අදහස් (0)

කිලෝමීටර 25 ක පිහිනුම් තරගාවලිය අම්බලන්ගොඩදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.