Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා පාසල් 25 ට සිසුන් බඳවා ගැනීමට අයැදුම්පත් කැඳවයි

ක්‍රීඩා පාසල් 25 ට සිසුන් බඳවා ගැනීමට අයැදුම්පත් කැඳවයි

යොහාන් භාසුර - 2020 සැප් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වන පරිදි ‘ක්‍රීඩා පාසල්’වලට දරුවන් ඇතුළත් කරගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරි සති දෙක ඇතුළදී අයැදුම්පත් කැඳවීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය.

මෙහිදී මේ වන විට වෙනත් පාසල්වල 7 වැනි ශ්‍රේණියේ අධ්‍යාපන ලබන සිසු සිසුවියන් ලබන වසරේ (2021) ක්‍රීඩා පාසල්වල 8 වැනි ශ්‍රේණියට ඇතුළත් කරගැනීමට නියමිතය.

වර්තමානයේ ක්‍රියාත්මක ක්‍රීඩා පාසල් 25 ක 8 වැනි ශ්‍රේණියේ සිට ක්‍රීඩකයන්ට වෙන්වූ වෙනම පංතිය බැගින් ඇති අතර මේ වන විට එම බොහෝ ක්‍රීඩා පාසල්වල එම පංතියේ සිසුන් සංඛ්‍යාව 20 කට අඩු බව වාර්තා වේ.

ක්‍රීඩා පාසල්වල එම විශේෂ පංතියට ඇතුළත් වන සිසු සිසුවියන්ට මසකට රුපියල් 5000 ක පෝෂණ දීමනාවක් ද හිමිවන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.   
 
“ක්‍රීඩා පාසල් නැවත පණ ගැන්වීමට මේ වන විට අලුත් චක්‍රලේඛණයක් සකස් කර තිබෙනවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් නොමැතිව එම පාසල්වල පහසුකම් වැඩි කරලා වැඩක් නෑ. ඒ නිසා අලුත් සිසු සිසුවියන් බදවා ගැනීමට තීරණය කර තිබෙනවා”

“ප්‍රසිද්ධ දැන්වීම් ඔස්සේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් කැඳවනවා. ඉන් පසුව සම්මුඛ පරීක්‍ෂණයක් තියලා ඒ ඒ පාසල්වලට තෝරාගන්නවා. එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විශේෂ දක්‍ෂතා පිළිබඳව මෙහිදී වැඩි සැළකිල්ලක් දක්වනවා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.         

 


අදහස් (0)

ක්‍රීඩා පාසල් 25 ට සිසුන් බඳවා ගැනීමට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.