Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩාංගණවල දැන්වීම් අයිතිය ඉන්දීය සමාගමකට

ක්‍රීඩාංගණවල දැන්වීම් අයිතිය ඉන්දීය සමාගමකට

යොහාන් භාසුර - 2020 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේදී සහභාගි වන ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී ක්‍රීඩාංගණවල දැන්වීම් පළකිරීමේ අයිතිය ඉන්දීය කළමනාකරණ සමාගමක් වන ‘අයි.ටී.ඩබ්ලිව්.’ සමාගමට පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

මෙම අනුග්‍රහයත් සමඟ ‘අයි.ටී.ඩබ්ලිව්’ සමාගමට ජාත්‍යන්තර තරග අවස්ථාවලදී ක්‍රීඩාංගණයේ බිම සිට අඩි 15 ක උසක් දක්වා සම්පූර්ණ ප්‍රචාරක අයිතිය හිමිව තිබේ. ‘අයි.ටී.ඩබ්ලිව්.’ සමාගමට ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනත් රටවලදී සහභාගි වන තරග සංචාරවලදී කණ්ඩායම් අනුග්‍රහකය ද පිරිනමා තිබේ.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේදී සහභාගි වන ජාත්‍යන්තර තරගවල රූපවාහිනී විකාශන අයිතිය ‘සෝනි’ සමාගමට සහ ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේදී සහභාගි වන තරග සංචාරවලදී කණ්ඩායම් අනුග්‍රහකය ‘ඩයලොග්’ ආසියාටා සමාගමට පිරිනැමීට විධායක කමිටු අනුමැතිය ලැබී තිබේ.    

මෙම සියලුම අනුග්‍රහයන් වසර තුනක කාලයක් බලපැවැත්වේ.


අදහස් (1)

ක්‍රීඩාංගණවල දැන්වීම් අයිතිය ඉන්දීය සමාගමකට
  • Lal Tuesday, 04 August 2020 03:53 AM

    ඔන්න දේශීය ව්‍යාපාර වලට තැන දෙන හැටි...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.