Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිකට් විනිසුරු මුල් පුටුවට නීතිඥ ප්‍රේම්නාත් පත්වෙයි

ක්‍රිකට් විනිසුරු මුල් පුටුවට නීතිඥ ප්‍රේම්නාත් පත්වෙයි

editorial - 2021 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතා පත්ව සිටියි. සංගමයේ නිලවරණයට පෙර මෙම පත් කිරීම කර ඇත්තේ එතෙක් එම ධුරය දැරූ දමින්ද කුරේ මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙනි.

ප්‍රේම්නාත් දොළවත්ත මහතා බොරැල්ල පී. සරවනමුත්තු පිටියේ ස්ථාපිත ක්‍රිකට් විනිසුරු සංගම් කාර්යාලයේදී ඉකුත්දා නව ධුරයේ වැඩ බාර ගත්තේය. වැඩ භාර ගැනීමෙන් පසු එහි රැස්ව සිටි පිරිස අමතමින් නව සභාපතිවරයා පැවැසුවේ දේශීය ක්‍රිකට් විනිසුරුවන්ගේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම සඳහාත් ඔවුන්ගේ සුබසාධන කටයුතු නැංවීම සඳහාත් තමන් ඉදිරියේදී නව වැඩසටහනක් ක්‍රියාවට නගන බවයි. රටේ ජනප්‍රියතම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාව රඳා පවතින ප්‍රධාන හවුල්කාර පාර්ශ්වයක් ලෙස විනිසුරුවන්ගේ සේවය එහි ප්‍රවර්ධනයට ඉහළ බලපෑමක් එල්ල කරන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

කොවිඩ් උවදුරෙන් වෘත්තියට බලපෑම් එල්ලවූ ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන් සම්බන්ධයෙන් සොයා බලා ඔවුන්ට ලබාදිය හැකි සහන පිළිබඳවද තමා අවධානය යොමුකරන බව නව සභාපතිවරයා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය 1944 දී ස්ථාපිත කළ සංවිධානයකි. එම සංගමයේ වත්මන් තරග ලේකම් සමන් හේවාවිතාරණ, සහකාර ලේකම් පාලිත කුලතුංග, භාණ්ඩාගාරික වසන්ත ආරියවික්‍රම යන මහත්වරු ඇතුළු එහි විධායක සභාවේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.


අදහස් (0)

ක්‍රිකට් විනිසුරු මුල් පුටුවට නීතිඥ ප්‍රේම්නාත් පත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.