Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිකට් නිලවරණයට තුන්කොන් සටනක්

ක්‍රිකට් නිලවරණයට තුන්කොන් සටනක්

යොහාන් භාසුර - 2021 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණයේදී (2021) සභාපති ධූරය සඳහා තුන්කොන් සටනක් නිර්මාණය වන ලකුණු පහළ වී ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් වර්තමාන සභාපති ශම්මි සිල්වා, ‘සුමතිපාල’ පාර්ශවය සහ ‘රණතුංග’ පාර්ශවය මෙහිදී සභාපති ධූරයට තරග කිරීමට ඉදිරිපත් වන බව දැනගන්නට තිබේ.

‘රණතුංග’ පාර්ශවයෙන් පසුගිය නිලවරණයේදී ජය ලැබූ එකම නිලධාරියා වෙමින් උප සභාපති ධූරයට පත්වූ කේ. මතිවානන් මහතා මෙවර නිලවරණයට ඉදිරිපත්වීමට සූදානමින් සිටින බවත් ඒ මහතා පසුගිය නිලවරණයේදී සභාපති ධූරයට තරග කිරීමට සූදානමින් සිටිය ද අවසන් මොහොතේ අත්හැර දැමීය.

‘රණතුංග’ පාර්ශවයෙන් පසුගිය නිලවරණයේදී සභාපති ධූරයට තරග කර පරාජයට පත්ව පසුව විධායක සභාවේ එකඟතාවෙන් උප සභාපති ධූරයට පත්වූ ජයන්ත ධර්මදාස මහතා ‘ශම්මි සිල්වා’ පාර්ශවයට එකතු වීමට බොහෝ දුරට ඉඩ තිබේ. වර්තමාන සභාපති ශම්මි සිල්වා මහතා පසුගිය නිලවරණයේදී ‘සුමතිපාල’ පාර්ශවයෙන් සභාපති ධූරයට තරග කරමින් ජයග්‍රහණය කළේය. ඉන් පසුව සුමතිපාල පාර්ශවයේ ඇති වූ දෙදරීමක් හේතුවෙන් ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වී තිබුණි.

‘සුමතිපාල’ පාර්ශවයේ ප්‍රධාන නිලධාරියකුගෙන් ඉදිරි නිලවරණය පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ තව පාර්ශවයෙන් අනිවාර්යෙන් කණ්ඩායමක් නිලවරණයට ඉදිරිපත් වන බවයි.
“වර්තමාන සභාපතිවරයා ජයග්‍රහණය කළෙත් අපේ පැත්තෙන් ඉදිරිපත් වෙලා තමයි. අපේ පස් අවුරුදු සැළැස්ම ඒ විදියටම ක්‍රියාත්මක වුණේ නෑ. ඇතැම් තනතුරුවලට පත්වුණ පුද්ගලයන් වෙනස් වෙන්න ඕනෙ කියලත් අපි හිතනවා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

‘රණතුංග’ පාර්ශවයේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ නිලවරණයට දින නියම කළ පසු තමන් ද අවධානය යොමු කරන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන සභාපති ශම්මි සිල්වා මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ තමන් අනිවාර්යෙන් සභාපති ධූරය සඳහා ඉදිරිපත් වන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන මැයි මස 31 වැනිදා හෝ ඊට පෙර පැවැත්විය යුතු අතර ඒ සඳහා මේ වන විට නිලවරණය කමිටුව පත්කර තිබේ. ඉදිරි සතිය තුළ නිලවරණය පවත්වන දිනය තීරණය කරනු ඇති බවට ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.  


අදහස් (0)

ක්‍රිකට් නිලවරණයට තුන්කොන් සටනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.