Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඕස්ට්‍රේලියානු වි-20 පිලට අලුත් ඇඳුමක්

ඕස්ට්‍රේලියානු වි-20 පිලට අලුත් ඇඳුමක්

editorial - 2020 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව මේ මස 27 වැනිදා ආරම්භවන විස්සයි20 තරගාවලියේදී විශේෂයෙන් නිර්මාණය කරන ලද ආදිවාසී ඕස්ට්‍රේලියානුවන්ගේ (ඇබොරොජින්වරුන්ගේ) මෝස්තර ඇතුළත් කමිසයක් පැළඳීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සූදානම් වෙයි. මෙම කමිසය නිර්මාණය කර ඇත්තේ ක්‍රීඩාවේදී ආදිවාසී ඕස්ට්‍රේලියානුවන්ගේ ඉලක්කය හදුනාගැනීම සහ දිරිගැන්වීම අරමුණු කරගත් පියවරක් ලෙසිනි.

මෙම කමිසය පසුගියදා එළි දැක්වූ අතර එය ආදිවාසී කාන්තාවන් දෙදෙනෙකු වන ෆියෝනා ක්ලාක් සහ කර්ට්නි හේගන් දෙදෙනාගේ සහභාගිත්වය ඇතිව, සුප්‍රකට ‘ඇසික්ස්’ සමාගම විසින් නිර්මාණය කරන ලද්දකි.

ෆියෝනා ක්ලාක් යනු 1868 දී ඕස්ට්‍රේලියාවේ සිට විදෙස් ගත වූ පළමු ක්‍රීඩා කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස එංගලන්තයේ සංචාරය කළ ආදිවාසී ක්‍රීඩකයෙකු වන දිවංගත ක්‍රිකට් ක්‍රීඩක මොස්කිටෝ කූසෙන්ස් මහතාගේ (ග්‍රොන්ගාරොන්ග් ලෙස හැඳින්වේ) සෘජු සම්බන්ධතාවක් ඇති කාන්තාවක් බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය වාර්තා කලේය.  මෙම නිර්මාණය මුතුන් මිත්තන්ට සහ අතීත, වර්තමාන සහ අනාගත ආදිවාසී ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගෞරවයකි.

මේ වසර මුලදී එංගලන්තයට එරෙහිව පැවැති තරඟයකදී ස්වදේශික මෝස්තර ඇතුළත් කමිසයක් ඇඳ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ක්‍රීඩා කළේය. ඕස්ට්‍රේලියානු පිරිමි කණ්ඩායමේ මෙම පියවර ඔවුන්ගේ ක්‍රීඩිකාවන් අනුගමනය කිරීමකි.

නව කමිසය පැළඳ ක්‍රීඩා කිරීමට ලැබීම පිළිබඳව තමා සතුටට පත්වන බව එම කමිසය පළමුවෙන්ම ඇඳ ප්‍රදර්ශනය කළ ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් පැවසුවේය.

“අපගේ පළමු දේශීය කමිසය පැළඳීමට පිරිමි කණ්ඩායමක් ලෙස අවස්ථාව ලැබීම ඇත්තෙන්ම සතුටට කරුණක්” යැයි ඔහු නිල වෙබ් අඩවියට පැවසීය.

ඉන්දියානු කණ්ඩායම මේ වන විටත් ඕස්ට්‍රේලියාවට පැමිණ සිටින අතර නොවැම්බර් 27 වනදා සිඞ්නි නුවර පැවැත්වෙන එක්දින තරගයෙන් තරගාවලිය ආරම්භ වේ. අතර ඉන් අනතුරුව විස්සයි20 තරග 3 ක් සහ ටෙස්ට් තරග 4 ක් පැවැත්වේ. විස්සයි20 තරගාවලිය දෙසැම්බර් 4 වනදා මනූකා ඕවල් හිදී ආරම්භ වේ.


- 2079

 


අදහස් (0)

ඕස්ට්‍රේලියානු වි-20 පිලට අලුත් ඇඳුමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.