Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඔටෝමොබයිල් නිලවරණයේ විරෝධතා විභාග කිරීම අද

ඔටෝමොබයිල් නිලවරණයේ විරෝධතා විභාග කිරීම අද

ශානුක අරවින්ද - 2020 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ නිලවරණය සඳහා ඉදිරිපත්වී ඇති නාමයෝජනාවලට එරෙහිව යොමුකර ඇති විරෝධතා විභාග කිරීම අද (14 වැනිදා) පස්වරු 5.00 ට කොළඹ, ටොරින්ටන් පෙදෙස ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී සිදුකෙරේ. නිලවරණ කමිටු සාමාජිකා චම්පා ගුණවර්ධන මහත්මිය විසින් ඉකුත් සඳුදා (10 වැනිදා) පස්වරු 2.30 ට අදාල විරෝධතා විවෘත කරනු ලැබූ අතර එහිදී ප්‍රධාන වශයෙන් විරෝධතා 3 ක් ඉදිරිපත්වී තිබිණ.

සංගමයේ ලේකම් ධූරය සඳහා නාමයෝජනා ඉදිරිපත්කර ඇති හිටපු ලේකම් රිස්වි ෆාරුක් මහතාට සහ භාණ්ඩාගාරික ධූරය සඳහා නාමයෝජනා ඉදිරිපත්කර ඇති උපුල්වන් සේරසිංහ මහතාට එරෙහිව කියාස් ඩීන් මහතා විරෝධතා දෙකක් යොමුකර තිබිණ.
ෆාරුක් මහතාට එරෙහිව මින් පෙර ලේකම් ධූරය දැරූ කාල සීමාවට අදාල ගිණුම් වාර්තා ඉදිරිපත්කර නොතිබීම සහ වාර්ෂික මහ සභා රැස්වීම් නොපැවැත්වීම යන චෝදනා එල්ල වී ඇති අතර සේරසිංහ මහතාට එරෙහිව භාණ්ඩාගාරික ධූරය සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා නොතිබීම සහ තවමත් ජාතික මට්ටමින් ක්‍රීඩාවේ නිරත වීම යන චෝදනා එල්ල වී තිබේ.

එම විරෝධතා 2 ට අමතරව ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ හිටපු සභාපතිවරයකු වන සුරංජිත් ප්‍රේමදාස මහතාද තවත් විරෝධතාවක් ඉදිරිපත්කර ඇත. ඔහු එම විරෝධතාව යොමුකර ඇත්තේ සංගමට අනුබද්ධ ක්‍රීඩා සමාජයක් වන සිලෝන් මෝටර් රථ ක්‍රීඩා සමාජය විසින් ඉදිරිපත්කර ඇති නාමයෝජනා වලට එරෙහිවය.

2017 වසරේ පෙබරවාරි මස 13 වැනිදා නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයකට අනුව ක්‍රීඩා අමාත්‍යංශය විසින් 2018 වසරේ මාර්තු මස 23 වැනිදා සිලෝන් මෝටර් රථ ක්‍රීඩා සමාජය තහනම් කරන ලද බවට තොරතුරු ගොනු කරමින් (අදාල ලිපි ලේඛණ සපයමින්) ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත්තේ එම ක්‍රීඩා සමාජය මෙවර නිලවරණය සඳහා ඉදිරිපත්කර ඇති නාමයෝජනා නිති විරෝධී බවයි.


අදහස් (0)

ඔටෝමොබයිල් නිලවරණයේ විරෝධතා විභාග කිරීම අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.