Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
-----------------------
රොෂාන් ගුණරත්න
-----------------------
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සීමිත ඕවර (ඕවර 50) ක්‍රිකට් තරගාවලියේදී අර්ධ අවසන් පූර්ව වටයේ සිය ස්ථාන වෙන්කර ගැනීමට එස්.එස්.සී පිල සමත්විය.
ඊයේ (3 වැනිදා) ‘ඩි’ කාණ්ඩය යටතේ එස්.එස්.සී පිල තරග වැදුණු මූලික වටයේ අවසන් තරගයේදී සැරසන්ස් පිල ලකුණු 49 කින් පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට ඔව්හු සමත්වූහ.
මූලික වටය අවසන් කරමින් ‘ඒ’ කාණ්ඩයේ සහ ‘ඩි’ කාණ්ඩයේ කණ්ඩායම් සහභාගිවන තරග 6 ක් හෙට (5 වැනිදා) පැවැත්විමට නියමිතව ඇති අතර එහිදී තවත් කණ්ඩායම් 3 ක් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නියමිතව ඇත.
‘බී’ සහ ‘සී’ කාණ්ඩ සඳහා කණ්ඩායම් 6 ක් පමණක් ක්‍රීඩාකරන බැවින් එම කාණ්ඩයන්හි මූලික වටයේ තරග පසුගියදා අවසන් වූ අතර එහිදී අර්ධ අවසන් පූර්ව වටයේ සිය ස්ථාන වෙන්කර ගැනීමට එන්.සී.සී, ද්‍රවිඩ සංගමය, රාගම සහ නාවික හමුදා යන කණ්ඩායම් සමත්වූහ.
අර්ධ අවසන් පූර්ව තරග 7 වැනිදාත්, අවසන් පූර්ව තරග 9 වැනිදාත් අවසන් මහා තරගය 11 වැනිදාත් පැවැත්වීමට නියමිතව ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.