Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එල්.පී.එල්. තරගාවලියට කොවිඩ් - 19 හරහට හිටී

එල්.පී.එල්. තරගාවලියට කොවිඩ් - 19 හරහට හිටී

යොහාන් භාසුර - 2020 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබන අගෝස්තු මස 8 වැනිදා ආරම්භ කිරීමට සූදානම් වන ‘ලංකා ප්‍රීමියර් ලීග්’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියට (එල්.පී.එල්.) ‘කොවිඩ්  19’ සෞඛ්‍ය උපදෙස් හරහට හිටින තත්ත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වේ. කණ්ඩායමකට 6 දෙනකු බැගින් කණ්ඩායම් 5 සඳහා විදේශීය ක්‍රීඩකයන් 30 ක් පමණ මෙම තරගවලියට සහභාගි කරවීමේ බලාපොරොත්තුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තිබිණ.

ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම පුද්ගලයන් දින 14 ක කාලයක් ‘නිරෝධායනය’ වියයුතු බවට සෞඛ්‍ය බලධාරීන් අනිවාර්ය කර ඇති බැවින් සියලුම විදේශීය ක්‍රීඩකයන් දින 14 ක කාලයක් නිරෝධානය විය යුතුව තිබේ. මෙම තත්ත්වය මත එල්.පී.එල්. තරගාවලිය පැවැත්වීම අවිනිශ්චිත බව දැනගන්නට තිබේ.

එල්.පී.එල්. තරගාවලියේ ප්‍රධානියකු ලෙස කටයුතු කරන බන්දුල දිසානායක මහතා පැවසුවේ විදේශීය ක්‍රීඩකයන් සිය රටේදී පී.සී.ආර්. පරීක්‍ෂණ වාර්තාව ලබාගෙන එය අතැතිව ශ්‍රී ලංකාවට පැමිණ ද ශ්‍රී ලංකාවේදී තවත් පී.සී.ආර්. පරීක්‍ෂණයකට යොමු විය යුතු බවයි.

“ශ්‍රී ලංකාවේදී පී.සී.ආර්. පරීක්‍ෂණ වාර්තාව ලැබෙන තෙක් දිනක් පමණ හෝටලයක රැදී සිටිය යුතු බවට අපිට මේ දක්වා උපදෙස් ලැබී තිබෙනවා.. විදේශීය ක්‍රීඩකයන් දින 14 ක් නිරෝධානය වියයුතු බවට අපට උපදෙස් ලැබී නෑ”

“ඒත් දින 14 ක නිරෝධායනයක් අත්‍යවශ්‍ය නම් අගෝස්තු 8 වැනිදා තරගාවලිය ආරම්භ කරන්න නොහැකි වෙයි....අපි මේ පිළිබඳව නැවතත් ක්‍රීඩා වෛද්‍ය ආයතනයෙන් උපදෙස් ලබාගන්නවා” යැයි දිසානායක මහතා වැඩි දුරටත් පැවසීය.

 


අදහස් (0)

එල්.පී.එල්. තරගාවලියට කොවිඩ් - 19 හරහට හිටී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.