Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එල්.පී.එල් තරගාවලිය මෙහෙයවීමේ අයිතිය ඩුබායි සමාගමක් පවරාගනී

එල්.පී.එල් තරගාවලිය මෙහෙයවීමේ අයිතිය ඩුබායි සමාගමක් පවරාගනී

යොහාන් භාසුර - 2020 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කරන ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ (එල්.පී.එල්.) මෙහෙයවීමේ අයිතිය ඩුබායිහි පිහිටි ඉන්දීය සමාගමක් වන අයි.පී.ජී. සමාගමට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව ඊයේ (4 වැනිදා) තීරණය කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ විධායක සභා රැස්වීමක් ඊයේ පස්වරුවේ පැවැති අතර එහිදී එල්.පී.එල්. තරගාවලිය පිළිබඳ තීරණ රැසකට එළඹ තිබේ.

එල්.පී.එල්. තරගාවලිය මෙහෙයවීමේ අයිතිය සඳහා ඩුබායි පිහිටි සමාගම් දෙකක් පමණක් මිල ගණන් ඉදිරිපත් කර තිබූ බවත් ඉන් ඉහළ මිල ඉදිරිපත් කර තිබූ අයි.පී.ජී. සමාගමට අවස්ථාව ලබාදීමට තීරණ වී තිබේ. එතැන් සිට එම සමාගම කණ්ඩායම් පහ විකිණීමේ සිට සියලු කටයුතු මෙහෙවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසීය.

‘කොවිඞ් 19’ අවදානම හේතුවෙන් තරගාවලිය සංවිධානය කිරීමේදී සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ කටයුතු කිරීම සඳහා මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ උප සභාපතිවරයකු වන රවීන් වික්‍රමරත්න වන මහත්වරුන් ප්‍රමුඛ කමිටුවක් ද පත්කර තිබේ. විදේශ ක්‍රීඩකයන් ගෙන්වා ගැනීම සඳහා ක්‍රීඩකයන්ගේ නියෝජිතයන්ට නැවත සිහිකැඳවීමක් කිරීමට ද විධායක කමිටුවේදී තීරණය වී තිබේ.

“මෙහිදී අපි වෙනත් ලීග් තරගාවලිවලට සහභාගි වන ක්‍රීඩකයන් හැර සෙසු ප්‍රබල ක්‍රීඩකයන් ගෙන්වා ගැනීම පිළිබදව අවදානය යොමු කළා. ඒ අනුව ක්‍රීඩකයන්ගේ නියෝජිතයන්ට නැවත ලියන්න බලාපොරොත්තු වෙනවා”

“තරගාවලිය ආරම්භ කරන දිනයේ වෙනසක් පිළිබඳව අපි සාකච්ඡා කළේ නෑ. එය මේ මස 28 වැනිදා ලෙසම පවතිනවා” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.    

 


අදහස් (0)

එල්.පී.එල් තරගාවලිය මෙහෙයවීමේ අයිතිය ඩුබායි සමාගමක් පවරාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.