Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එයාර්ටෙල් ෆාස්ටස්ට් තුන්වැනි වටයට 14 ක්

එයාර්ටෙල් ෆාස්ටස්ට් තුන්වැනි වටයට 14 ක්

රොෂාන් ගුණරත්න - 2019 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘එයාර්ටෙල් ෆාස්ටස්ට්’ ලෙසින් හැඳින්වු අනාගත වේගපන්දු යවන්නන් සොයා යෑමේ මෙහෙයුමේ තුන්වැනි අදියර සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 14 දෙනෙක් තේරී සිටිති. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 11 ක් ආවරණය කරමින් පෙබරවාරී මස ඇරඹී ‘එයාර්ටෙල් ෆාස්ටස්ට්’ වේග පන්දු යවන්නන් සොයා යාමේ මෙහෙයුම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරු අනූෂ සමරනායක මහතාගේ සෘජු අධීක්‍ෂණය යටතේ පැවැත්විණ.

ජාතික සංචිතයට ඇතුළත් වියහැකි තරමේ දක්ෂතා ඇති තරුණ තරුණියන් තෝරා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ විය.

පිරිමි වසය 19 න් ඉහළ කාණ්ඩය, පිරිමි වසය 19 න් පහළ කාණ්ඩය සහ කාන්තා විවෘත අංශය යන කාණ්ඩ 3 ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 145 ක් තෝරා ගත් අතර ඉන් 45 දෙනෙකු දෙවැනි වටයට තෝරා ගන්නා ලදී. මෙම ක්‍රීඩකයන් තෝරාගන්නා ලද පුහුණුකරුවන්ගේ සංචිතයට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු අනූෂ සමරනායක, ලසිත් මාලිංග, චමින්ද වාස්, හෂාන් තිලකරත්න සහ උපුල් චන්දන යන මහත්වරුන් ඇතුළත් වූහ.

“සාර්ථක වේගපන්දු යවන්නකු සතුව හොඳ පුහුණුවක්, හොඳ ශාරීරික යෝග්‍යතාවයත්, තාක්‍ෂණයත් සහ හොඳ මානසිකත්වයක් තිබිය යුතුයි. මෙම තරුණ වේගපන්දු යවන්නන් සමග මුල සිටම වැඩ කිරීමේදී ඔවුන් සතු ඔප මට්ටම් නොවූ දක්ෂතා දැක ඇත්තටම මම පුදුම වුණා”

“අවසන් වටයට තේරීපත්වී සිටින මෙම 14 දෙනා අපගේ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ඉහළම මට්ටමට පැමිණේ යැයි මම අපේක්‍ෂා කරනවා” යයි අනූෂ සමරනායක මහතා පැවසීය.

‘එයාර්ටෙල් ෆාස්ටස්ට්’ අවසන් තේරීම් සැප්තැම්බර් 27 වැනිදා පැවැත්වෙන අතර අවසන් තේරීමේදී තෝරාගත් 14 දෙන අතරින් ඒ ඒ කාණ්ඩයන්හි පළමු ස්ථාන හිමිකරගනු ලබන ශ්‍රී ලංකාවේ ආධුනික වේගවත්ම පන්දු යවන්නන් 3 දෙනා තෝරා ගැනීමට නියමිතව ඇත.


‘එයාර්ටෙල් ෆාස්ටස්ට්’ අවසන් වටයට තේරුණු ක්‍රීඩක ක්‍රිඩිකාවන් 14 දෙනා

පිරිමි වසය 19 න් ඉහළ කාණ්ඩය
මොහොමඞ් ෆාහිම්, රසාංජන අරවිඳු, චන්දුල සුදම්පති, අරුන් ප්‍රකාශ් සහ මලිඳු ෂෙහාන්

පිරිමි වසය 19 න් පහළ කාණ්ඩය
ඒෂාන් මාලිංග, මොහොමඞ් අකිල්, මලීෂ දූරන්, ජනිත් මදුශංක සහ චිරාන් තීක්‍ෂණ

කාන්තා විවෘත අංශය
විශ්මි දෙව්මිණි, ශයනි සේනාරත්න, මල්ෂා මදුෂානි සහ මෙත්මා හෙට්ටිආරච්චී

 


අදහස් (0)

එයාර්ටෙල් ෆාස්ටස්ට් තුන්වැනි වටයට 14 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.