Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news උමාර් අක්මල්ගේ තහනම මාස 18 කින් අඩුවෙයි

උමාර් අක්මල්ගේ තහනම මාස 18 කින් අඩුවෙයි

editorial - 2020 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරග පාවාදීමේ ප්‍රවේශයන් දෙකක් වාර්තා කිරීමට අපොහොසත් වීම හේතුවෙන් පාකිස්තාන පිතිකරු උමාර් අක්මාල්ට පසුගිය අප්‍රේල් මාසයේදී පැනවුණු වසර තුනක ක්‍රිකට් තහනම ඔහුගේ අභියාචනයක් මත මාස 18 ක් දක්වා අඩු කිරීමට ඊයේ (29 වැනිදා) තීරණය කෙරුණි. ඒ අනුව ඔහුට ලබන වසරේ අගෝස්තු මාසයේදී නැවත ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවනු ඇත.

සති දෙකකට පෙර ලාහෝර් හිදී පැවැති කෙටි නඩු විභාගයකින් පසුව පාකිස්තානයේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු සහ ස්වාධීන විනිශ්චයකරුවෙකු වන ෆකීර් මොහොමඞ් කොඛාර් මහතා අභියාචනා ප්‍රතිඵලය නිකුත් කළ අතර මේ තීරණය ලබාදෙන අවස්ථාවට උමාර් අක්මාල් සහ ඔහුගේ නීතිඥවරයා සහභාගී වූහ.

තරග පාවාදීමේ ප්‍රවේශයන් දෙකක් වාර්තා කිරීමට අපොහොසත් වූ බවට අක්මාල්ට චෝදනා එල්ලවූ අතර පසුගිය අප්‍රේල් මාසයේදී ඔහු වරද පිළිගත්තේය. සෑම වරදකටම වසර තුනක තහනමක් පැනවූ අතර එය පෙබරවාරි 20 සිට සමගාමීව ක්‍රියාත්මක විය.

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී නීති සංග්‍රහයට අනුව ක්‍රීඩකයින් සියළුම දූෂිත ප්‍රවේශයන් බලධාරීන්ට වාර්තා කළ යුතුව ඇත.

දඬුවම අඩු කිරීමට හැකියාව තිබියදිත් තමාට අසාධාරණ ලෙස සැලකූ බවට අක්මාල් පැමිණිලි කළේය.

2017 දී වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඞ් ඉර්ෆාන් වෙත පැනවූ වසරක තහනමක් (මාස හයක් අත්හිටුවීම) ගැන උදාහරණයට ගනිමින් “අනෙක් ක්‍රීඩකයන්ට එකම චෝදනාව මත අඩු දඬුවම් ලැබීම නිසා මම තවමත් සෑහීමකට පත් නොවන බව” උමාර් මාධ්‍යයට පැවසීය. 

වාර්තා කිරීමට අපොහොසත් වීමේ චෝදනා ඉර්ෆාන්ට ඉදිරිපත් නොවූ අතර එකඟවීම මත ඔහුට දඬුවම් ලබාදෙන ලදී.

“මගේ නීතිඥයින්ගෙන් උපදෙස් ලබාගෙන එය තවදුරටත් අඩු කර ගැනීමට මම උත්සාහ කරනවා” යැයි අක්මාල් පවසා ඇත.

2009 වසරේදි ටෙස්ට් වරම් දිනාගත් අක්මාල් නවසීලන්තයේදී ශතකයක් ලබාගැනීමෙන් පසුව අනාගතයේදී දක්ෂ ටෙස්ට් ක්‍රීඩකයකුගේ ලක්ෂණ පෙන්නුවද ඔහුගේ වෘත්තීය ක්‍රිකට් ජීවිතය මේ වසරේ තහනමට පෙර මතභේදයට තුඩු දී තිබුණි.

ලාහෝර් හි රථවාහන නිළධාරියෙකු සමඟ ඇති වූ බහින්බස් වීමකින් පසුව අක්මාල් 2014 දී අත්අඩංගුවට ගනු ලැබූ අතර එහිදී ඔහුට තරග 3 ක් තහනම් කර ඇත. ඊට අමතරව 2017 දී පාකිස්තාන ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සමඟ ඇති වූ ගැටුමකටද ඔහුට දඩ නියම විය.

 


අදහස් (0)

උමාර් අක්මල්ගේ තහනම මාස 18 කින් අඩුවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.