Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉසිපතන විදුහල පළමු ඉනිම ජයගනී

ඉසිපතන විදුහල පළමු ඉනිම ජයගනී

editorial - 2019 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ඉසිපතන විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ඉසිපතන විදුහල සමත් විය.

එහිදී ඉසිපතන විදුහලේ රවිඳු රත්නායක (84) සහ සවිඳු උත්සර (53) අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම ලෝමිත රවින්දිත් ලකුණු 51 කට කඩුලු 7 ක් දවාගත්තේය.


ඉසිපතන විදුහල් පළමු ඉනිම - ඕවර 69.2 කදී කඩුලු 9 ක් දැවී 275
(රවිඳු රත්නායක 84, සවිඳු උත්සර 53, ලෙෂාන් අමරසිංහ 44, තෙවිඳු දික්වැල්ල 39, කවිඳු ආමන්ත 36, සුබානු රාජපක්ෂ 59/3, කුෂාන් මධූෂ 82/3)

මහින්ද විදුහල් පළමු ඉනිම - ඕවර 64.3 කදී සියලු දෙනා දැවී 163
(කෞෂිත කොඩිතුවක්කු 59, සදෙව් ඉඳුවර 26, කවිඳු ලක්ෂාන් 23, සුබානු රාජපක්ෂ 22, ලෝමිත රවින්දිත් 30/5, යසිරු කස්තුරිආරච්චි 19/2)

මහින්ද විදුහල් දෙවැනි ඉනිම - ඕවර 56 කදී කඩුලු 7 ක් දැවී 102
(සිතාර හේලිත නොදැවී 34, ශාක්‍ය සම්පත් 23, සවිඳු උත්සර 38/3, ලෝමිත රවින්දිත් 21/2)

-036

 


අදහස් (0)

ඉසිපතන විදුහල පළමු ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.