Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඇඳුම් සැපයීම ලෝන්ග් අයිලන්ඩ් වෙතින්

ඇඳුම් සැපයීම ලෝන්ග් අයිලන්ඩ් වෙතින්

editorial - 2021 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල (සාමාන්‍ය) ඇඳුම් අනුග්‍රාහකයා ලෙස තවත් වසර 3 ක් සඳහා ලෝන්ග් අයිලන්ඩ් ඇඟලුම් සමාගම (LiCC) ගිවිසුම් අත්සන් කර ඇත. බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ  නිල (සාමාන්‍ය) ඇඳුම් අනුග්‍රාහකත්වය යළිත් අළුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාඩම්බර අනුග්‍රාහකයා බවට ලෝන්ග් අයිලන්ඩ් ක්ලෝතිං සමාගම පත්ව සිටින්නේය.

මේ වන විට ලෝකය පුරා පවතින සෞඛ්‍ය තත්ත්වයන් සලකා බලමින්, විවිධ බැක්ටීරියාවලින් ඉහළ ආරක්ෂාවක් සහ ආවරණයක් ලබා දෙන අයුරින් ලෝන්ග් අයිලන්ඩ් ඇඟලුම් සමාගම විසින් මෙම ඇඳුම් නිර්මාණය කර තිබේ. එම ඩෙනිම් කලිසම්වලින් සහ වර්ණවත් ටී ෂර්ට් වලින් සැරසී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ අද (23 දා) අළුයම බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව ගියහ.

“ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් 2020 වසර අප සැමට අභියෝගාත්මක වසරක් වුණා. සැම විටම ඇඟලුම් ක්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටින ලෝන්ග් අයිලන්ඩ් ඇඟලුම් සමාගම, බැක්ටීරියා වලින් හොඳින් ආරක්ෂා කරන ආවරණයකින් සහ ක්ෂුද්‍රජීවී විරෝධී නිමාවක් සහිත කලිසම් හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව අප ඉතා සතුටට පත් වෙනවා. මෙම නව්‍යකරණ නිමාව අපගේ ක්‍රිකට් කණ්ඩායමේ සෞඛ්‍ය හා ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා විශාල ලෙසින් දායක වනු ඇතැයි අප තදින් විශ්වාස කරනවා. අපගේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට අප ඉත සිතින් සුබ පතනවා” යැයි හයිද්‍රාමනී සමූහයේ අධ්‍යක්ෂ විනෝද් හයිද්‍රාමනී මහතා පැවසීය.

අළුත් කරන ලද එම ගිවිසුම යටතේ ලෝන්ග් අයිලන්ඩ් ඇඟලුම් සමාගම ශ්‍රී ලංකා ජාතික පිරිමි සහ කාන්තා කණ්ඩායම්වලට, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට, සංවර්ධන කණ්ඩායමට සහ අවුරුදු 19 න් පහළ කණ්ඩායම සඳහා ටී ෂර්ට් සහ ඩෙනිම් කළිසම් සපයනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතාත්, හයිද්‍රාමනී සමූහයේ අධ්‍යක්ෂ විනෝද් හයිද්‍රාමනී යන මහතාත් මෙම ගිවිසුමට අත්සන් තැබූහ. මෙම ගිවිසුම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල (සාමාන්‍ය) ඇඳුම් සඳහා වන අනුග්‍රාහකත්වයේ කොටසක් වන අතරම එය 2020 සැප්තැම්බර් මස 01 වැනිදා සිට ඉදිරි වසර 3 ක කාලය සඳහා බලපැවැත්වෙනු ඇත.

සංචාර වල නියැළීමේදී භාවිතයට ගැනෙන මෙම ටී ෂර්ට් සහ ඩෙනිම් කලිසම් ලබා දීමට අමතරව මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා සැලකිය යුතු ආයෝජනයක් ලෝන්ග් අයිලන්ඩ් ඇඟලුම් සමාගම සිදු කරනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සිදුකරනු ලබන ඒම ආයෝජනය වෙනුවෙන්, ඒකඟ වුණු කාල සීමාව තුළදී ලෝන්ග් අයිලන්ඩ් ඇඟලුම් සමාගමේ භාවිතයට ගැනෙන සියළු ලිපි ද්‍රව්‍ය, ප්‍රවර්ධන ද්‍රව්‍ය හා ප්‍රචාරණ දැන්වීම් සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නිල (සාමාන්‍යය) ඇඳුම් අනුග්‍රාහකයා ලෙසින් වූ සන්නාමය යොදා ගැනීමේ අයිතිය හිමිවනු ඇත.

“මෙම ප්‍රති-ක්ෂුද්‍රජීවී කලිසම් සාමාන්‍ය කලිසම් මෙන් දිනපතා සේදිය යුතු නොවන අතර ගෘහස්ථ සේදුම් 20 ක් දක්වා එම ඩෙනිම් කලිසම් කල් පවතින බවට ඔප්පු කර තිබේ. ඒ හරහා ජලය ඉතිරි කිරීමේ හැකියාවද උදාවන අතර එය පරිසර හිතකාමීත්වයටද දායකත්වයක් දක්වයි. ප්‍රති-ක්ෂුද්‍රජීවී ගුණාංගය නිසා එම ඩෙනිම් කලිසම් වයිරස්, බැක්ටීරියා සහ දිලීරවලට එරෙහිව සටන් කරනවා” යැයි ලෝන්ග් අයිලන්ඩ් ඇඟලුම් සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරී යසෝතරන් පරමානන්තම් මහතා සඳහන් කර සිටියේය.


- 2079

 


අදහස් (0)

ඇඳුම් සැපයීම ලෝන්ග් අයිලන්ඩ් වෙතින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.