Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආසියානු රග්බි තරගාවලිය ඔක්තෝබර් දක්වා කල්යයි

ආසියානු රග්බි තරගාවලිය ඔක්තෝබර් දක්වා කල්යයි

යොහාන් භාසුර - 2020 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමයේ සංවිධානයෙන් ලබන අප්‍රේල් මස 29 වැනිදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන පළමු කොටසේ රග්බි තරගාවලිය ‘කොරෝනා’ වෛරසය හේතුවෙන් උද්ගත වී ඇති අවදානම නිසා ලබන ඔක්තෝබර් මස දක්වා කල්දැමීමට ආසියානු රග්බි සංගමය තීරණය කළ බව ශ්‍රී ලංකා රග්බි සභාපති ලසිත ගුණරත්න මහතා ‘ලංකාදීප’යට පැවසීය.

 
මෙම තරගාවලිය කොළඹදී ලබන අප්‍රේල් මස 29 සහ මැයි මස 2 වැනිදා යන දෙදින පැවැත්වීමට සැළසුම් කර තිබුණි. මෙම තරගාවලියට සත්කාරක ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, පිලිපීනය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය යන රටවල් හතර සහභාගි වීමට නියමිතව තිබුණි.
 
ශ්‍රී ලංකා රග්බි සභාපති ලසිත ගුණරත්න මහතා පැවසුවේ ලෝකයම පත්ව ඇති අවදානම් තත්ත්වය මත තරගාවලියක් පිළිබඳව සිතීමට හෝ නොහැකි බවයි.

“ශ්‍රී ලංකා රග්බි සංගමය සහ ආසියානු රග්බි සංගමය සංවිධානය කරන සියලුම තරගාවලි මේ වන විට කල්දාලයි තියෙන්නේ. ඒවා පැවැත්වෙන දින දැන්ම කියන්න බෑ”
 
“ආසියානු රග්බි සංගමය ඊයේ මගෙන් ඇහුවා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු රග්බි තරගාවලිය ඔක්තෝබර් මාසය දක්වා කල්දාමුද කියලා. මම එයට එකඟ වුණා” යැයි සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය
 
මෙම තරගාවලිය කොළඹදී ලබන අප්‍රේල් මස 29 සහ මැයි මස 2 වැනිදා යන දෙදින පැවැත්වීමට සැළසුම් කර තිබුණි. මෙම තරගාවලියට සත්කාරක ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, පිලිපීනය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය යන රටවල් හතර සහභාගි වීමට නියමිතව තිබුණි.
 
ශ්‍රී ලංකා රග්බි සභාපති ලසිත ගුණරත්න මහතා පැවසුවේ ලෝකයම පත්ව ඇති අවදානම් තත්ත්වය මත තරගාවලියක් පිළිබඳව සිතීමට හෝ නොහැකි බවයි.

“ශ්‍රී ලංකා රග්බි සංගමය සහ ආසියානු රග්බි සංගමය සංවිධානය කරන සියලුම තරගාවලි මේ වන විට කල්දාලයි තියෙන්නේ. ඒවා පැවැත්වෙන දින දැන්ම කියන්න බෑ”
 
“ආසියානු රග්බි සංගමය ඊයේ මගෙන් ඇහුවා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු රග්බි තරගාවලිය ඔක්තෝබර් මාසය දක්වා කල්දාමුද කියලා. මම එයට එකඟ වුණා” යැයි සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

 


අදහස් (0)

ආසියානු රග්බි තරගාවලිය ඔක්තෝබර් දක්වා කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.