Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අයි.පී.එල්. අවසන් තරගය 10 ඩුබායිහිදී

අයි.පී.එල්. අවසන් තරගය 10 ඩුබායිහිදී

editorial - 2020 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් තරගය එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී පැවැත්වීට තීරණය කළ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය. එමෙන්ම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අතර පළමු කඩයිම් තරගය නොවැම්බර් 5 වැනිදා ඩුබායිහිදී පැවැත්වීමට නියමිතව ඇත. මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගනී.

පරාජිතයන් ඉවත් කිරීමේ පළමු තරගය නොවැම්බර් 6 වැනිදා අබුඩාබිහිදී පැවැත්වේ. පරාජිතයන් ඉවත් කිරීමේ දෙවැනි තරගය නොවැම්බර් 8 වැනිදා අබුඩාබීහිදී පැවැත්වේ.
සියළුම තරග ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30 ට ආරම්භ කිරීමට නියමිතය.
 
අයි.පී.එල් තරගාවලියේ කඩයිම් තරග කාල සටහන
 
■ නොවැම්බර් 5 - පළමු කඩයිම් තරගය - ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය සහ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය අතර ඩුබායිහිදී
■ නොවැම්බර් 6 - දෙවැනි කඩයිම් තරගය - ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය සහ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය අතර අබුඩාබීිහිදී
■ නොවැම්බර් 8 - තෙවැනි කඩයිම් තරගය - දෙවැනි කඩයිම් තරගයේ ජයග්‍රාහකයින් සහ පළමු කඩයිම් තරගයේ පරාජිතයන් අතර අබුඩාබීිහිදී
■ නොවැම්බර් 10 - අවසන් මහා තරගය - පළමු කඩයිම් තරගයේ ජයග්‍රාහකයින් සහ තෙවැනි කඩයිම් තරගයේ ජයග්‍රාහකයින් අතර ඩුබායිහිදී

 


අදහස් (0)

අයි.පී.එල්. අවසන් තරගය 10 ඩුබායිහිදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.