Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ‍රොනාල්ඩෝට කොරෝනා

‍රොනාල්ඩෝට කොරෝනා

editorial - 2020 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පෘතුගාල පාපන්දු කණ්ඩායමේ නායක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට පාපන්දු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. තවමත් රෝග ලක්ෂණ නොපෙන්වන නමුත් මේ වන විට ඔහු හුදෙකලා වීමට පියවර ගෙන ඇතැයිද එම නිවේදනයේ සඳහන් වේ.

ඉතාලියේ ජුවෙන්ටස් පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයකුද වන 35 හැවිරිදි රොනාල්ඩෝ, පසුගිය ඉරිදා (11 වැනිදා) පෘතුගාල කණ්ඩායම නියෝජනය කරමින් ප්‍රංශ කණ්ඩායමට එරෙහිව ‘නේෂන්ස් ලීග්’ තරගාවලියේ තරගයකට ක්‍රීඩා කළ අතර ඉකුත් සතියේදී ස්පාඤ්ඤයට එරෙහිව සුහද තරගයකටද ක්‍රීඩා කළේය. කෙසේ වුවත් මේ වන විට රොනාල්ඩෝ පසුවන තත්වය අනුව ඔහුට ‘නේෂන්ස් ලීග්’ තරගාවලියේ පෘතුගාලය සහ ස්වීඩනය අතර පැවැත්වෙන තරගය මෙන්ම ජුවෙන්ට්ස් කණ්ඩායමේ මීළඟ තරග කිහිපයද මඟ හැරීයනු ඇත.

ජුවෙන්ට්ස් කණ්ඩායම ඉදිරියේදී ක්‍රීඩා කිරීමට නියමිතව ඇති තරග අතර ‘සෙයිරි-ඒ’ තරගාවලියේ ක්‍රෝටොන් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයක් මෙන්ම ‘චැම්පියන්ස් ලීග්’ තරගවලියේ ඩයිනමෝ කයිව්ස් කණ්ඩායට එරෙහිව පැවැත්වෙන තරගයක්ද වේ.

ඉකුත් සඳුදා (12 වැනිදා) රොනාල්ඩෝ සිය පෘතුගාල කණ්ඩායමේ සාමාජිකයන් සමඟ කෑම බෙදාගන්නා අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත පළ නිකුත් කළේය. එබැවින් වයිරසය ආසාදනය වී ඇත්දැයි දැනගැනීම සඳහා පෘතුගාල පාපන්දු කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ද අනිවාර්යෙන්ම පරීක්ෂණ සඳහා පෙනී සිටිය යුතු බවද එරට පාපන්දු සම්මේලනය කියා සිටියේය.

මෙවර තරග වාරයේදී ජුවෙන්ටස් කණ්ඩායම නියෝජනය කරමින් ගෝල 3 ක් රැස්කිරීමට රොනාල්ඩෝ සමත් වූ අතර ඉන් එක් ගෝලයක් සැම්ප්ඩෝරියා කණ්ඩායමට එරෙහිවද, ගෝල 2 ක් ඒ.එස්. රෝමා කණ්ඩායමට එරෙහිවද සටහන් විය. පසුගිය මාසයේදී ස්වීඩනයට එරෙහිව පැවැති තරගයේදී පෘතුගාල කණ්ඩායම වෙනුවෙන් ගෝල ද්විත්වයක් වාර්තා කිරීමටද ඔහු සමත් විය.

එම තරගයේදී ස්වීඩනයට එරෙහිව පළමු ගෝලය ලබාගැනීමත් සමග ජාත්‍යන්තර ගෝල 100 යේ කඩයිම කරා ළඟා වූ දෙවැනි ක්‍රීඩකයා ලෙස රොනාල්ඩෝ වාර්තා අතරට එක්විය. මේ වන විට ඔහු ඉරාන ක්‍රීඩක අලි ඩේයි විසින් පිහිටුවන ලද වැඩිම ජාත්‍යන්තර ගෝල සංඛ්‍යාවේ (109) වාර්තාවට වඩා ගෝල අටක් පසුපසින් සිටියි.

-036

 


අදහස් (0)

‍රොනාල්ඩෝට කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.