Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. ඇලවීෂියස් විදුහල ලකුණු 90 කින් ජයගනී

ශා. ඇලවීෂියස් විදුහල ලකුණු 90 කින් ජයගනී

editorial - 2020 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතර බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 90 ජයක් අත්කර ගැනීමට ඇලවීෂියස් විදුහල සමත් විය.

එහිදී ශාන්ත ඇලවීෂියස් විදුහලේ සංදීප් චමොද් (66) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම දුල්මින් දසුන් ලකුණු 58 කට කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
 
ශාන්ත ඇලවීෂියස් විදුහල් පළමු ඉනිම - ඕවර 38 කදී සියලු දෙනා දැවී 119
(හර්ෂණ නදීෂ 31, ඔමාල් සන්දිත් 20, සිතුක ගුණවර්ධන 44/3, තෙවිඳු දික්වැල්ල 6/2, යසිරු කස්තුරිආරච්චි 23/2)

ඉසිපතන විදුහල් පළමු ඉනිම - ඕවර 41.2 කදී සියලු දෙනා දැවී 132
(තෙවිඳු දික්වැල්ල 28, කවිඳු ආමන්ත 20, රවිඳු රත්නායක 31, සඳුන් මධුෂංක 12/3, ආදිත්‍ය යාපා 14/2, දුල්මින් දසුන් 26/2)

ශාන්ත ඇලවීෂියස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 55 කදී කඩුලු 7 දැවී 220
(සංදීප් චමොද් 66, රවිඳු කාංචන 31, ශානුක නිකේෂල නොදැවී 29, ඔමාල් සදිත් 28, චාමික සදරුවන් 25, සිතුක ගුණවර්ධන 51/2, ලිසුර විනාත් 36/2, සවිඳු උත්සර 71/2)

ඉසිපතන විදුහල් දෙවැනි ඉනිම - ඕවර 38 කදී සියලු දෙනා දැවී 117
(රවිඳු රත්නායක 56, ලෙෂාන් අමරසිංහ 26, දුල්මින දසුන් 32/5, ආදිත්‍ය යාපා 20/4)

-036

 


අදහස් (0)

ශා. ඇලවීෂියස් විදුහල ලකුණු 90 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.